නිවෙස් තුළ ප්‍රතිකාර ගෙන සුවය ලබන ආසාදිතයින් පිළිබඳ වෛද්‍ය මතය.

පවුල් වෛද්‍ය විද්‍යා ,විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නේ ,කොවිඩ් – 19 ආසාදනය වී නිවෙස්තුළ ප්‍රතිකාර ලබාදීමේ නව ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි.

කොවිඩ් – 19 ආසාදිතයින්ට සුවය ලබා ගැනීමට නම් මානසික සෞඛ්‍ය යහපත්ව පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ඇය සඳහන් කර සිටියේ.

මෙම නව ක්‍රමවේදය පසුගිය ජුනි මස 7 වැනිදා සිට ආරම්භ වූ අතර මේ වන විට එසේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 24, 847 ක් බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්තී ගල්හේන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Exit mobile version