නිවෙස් ප්‍රතිකාරයේ සිටි ආසාදිතයෙක් රෝහලට ගෙනයන අතරමග දී මරුට

කොවිඩ් ආසාදනය වී නිවෙස තුළ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් දියතලාව මූලික රෝහලට රැගෙනයන අවස්ථාවේ දී මරණයට පත්ව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවරිදි බණ්ඩාරවෙල, අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහජන සෞඛ්‍ය පරීක්ෂක – එතකොට මහත්තයා එන්නත් විදගන්න ගියාද?

මියගිය පුද්ගලයාගේ බිරිඳ – එකපාරක් ගියා එන්නත් ඉවරයි කිව්වා මේ පාරත් ගියාම විදගන්න බැරිවුණා.

පෞද්ගලික ආයතනවලින් සිදුකරගන්නා කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයින් බවට තහවුරු වන රෝගීන් නිවාස තුළ ප්‍රතිකාර සඳහා යොමු කරන ක්‍රියාවලිය අවිධිමත් වීම හේතුවෙන් මෙවන් මරණ සිදුවන බවටයි බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරන්නේ.

වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් දැක් වූ බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් දිසානායක මහතා සඳහන් කළේ ,වයස අවු.40ට වැඩි පුද්ගලයින් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව මෙලෙස නිවාස තුළ ප්‍රතිකාර ලැබීම අවදානම් බවයි.

Exit mobile version