ලෝකයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම විසින් අලුත් වැඩකට මුල පිරීමට සූදානම්ව සිටියි.
ඒ අනුව එළඹෙන වසර 05ක කාලය තුළ දී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ නිෂ්පාදනයට ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් අද (29) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එම සමාගම ප්‍රකාශ කරන්නේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කිරීමට විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගැන අදහස් දක්වා ඇති අතර වැඩි ඉල්ලුමක් “විදුලි සහ හබ්‍රිඩ්” වාහන සඳහා ඉදිරියේ දී ඇති විය හැකි බවයි.
ඔවුන්ගේ සැලැස්ම වී ඇත්තේ 2030 වර්ෂය වන විට විදුලි මෝටර් රථ වර්ග 23ක් හඳුන්වා දීම වන අතර 2020 වර්ෂය වන විටත් විදුලි මෝටර් රථ ලියාපදිංචිය 41% ක් ලෙස වර්ධනය වී තිබුණි.
එමෙන් ම ජපානයේ තෙවැනි විශාලතම සමාගම ලෙස හැඳින්වෙන්නේ මෙම නිසාන් සමාගමයි.