දළදා මාලිගාව යනු අප සැම ගෞරව භක්තියෙන් යුතුව පුදන ස්ථානයකි.මෙවන් පූජනීය ස්ථානයකින් පවා මුදල්,වටිනා වස්තූන් හොරකම් කරන්නේ නම් අද බෞද්ධ ජනයා කොතරම් පිරිහීමකට ලක්වෙමින් ඇත්ද? දළදා මාළිගාවේ දියවඩන නිලමේගේ හිටපු පෞද්ගලික සහකාර සහ ජාත්‍යන්තර බෞද්ධ අංශයේ හිටපු ලේඛම් නිහාල් ෆර්ඩිනෑන්ඩෝ මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් බෞද්ධ ශාසනය රැක ගත යුතු බවට තර්ක කරමින් සිදු කල කතා බහ තුලින් බරපතල අනාවරණයන් රාශියක් සිදු කරන ලදි.
නිහාල් ෆර්ඩිනෑන්ඩෝ පවසන ආකාරයට දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල විසින් දූෂණ හා ඔත්තුකරුවෙක් යන චෝදනා මත මාළිගාවෙන් පන්නා දැමූ බවත් දළදා මාළිගාවේ හොරකම් මැරකම් හෙලි කිරීම හේතුවෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවත් පොලිස්පතිවරයාට තමා පිළිබද පැමිණිල්ලක් සිදු කර ඇති බවත්ය.
තවද චමුදිත සමරවික්‍රම මහතා විසින් තමා සමග මීට පෙර මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ ප්‍රවීණ මාධ්‍යවේදි ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා දළදා මාළිගාව සම්බන්ධ අනාවරණ දෙකක් සහ CID පැමිණිලි වාර්තා කල බවත් ප්‍රකාශ කරන ලදි.
මේ අනුව නිහාල් ෆර්ඩිනෑන්ඩෝ මහතා පවසා සිටින්නේ තමාට විරැද්ධව ගොනු කර ඇති එනම් D34/983/15 නඩුව ගැන විමර්ශනය කල යුතු බවත්ය.ඒ අනුව
දළදා මාළිගාවේ මුදල් PVD කන්ට්‍රක්ෂන් සමාගමට පොම්ප කිරීම.
SIBA (SRI LANKA INTERNATIONAL BUDDIHST ACADEMY) දළදා මාලිගාවේ නමට ලියාපදිංචි කිරීම.
නෝවේ එම්බසි එකෙන් ටෝගේට්රන් තානාපති ඒ දෙකත් SIBA සමාගමට පැවරීම.
මෙම නඩුව ගෝඨාභය,මහින්ද,මෛත්‍රි යන ජනපතිවරු විසින් වසන් කල බවත් තමා මිය යාමට මත්තෙන් මෙම නඩුව විභාග කර නිසි බලධාරින්ට දඩුවම් ලබා දිය යුතු බවත් නිහාල් ෆර්ඩිනෑන්ඩෝ වැඩි දුරටත් අවධාරණය කරන ලදි.
මේ පිළිබද වැඩ්දුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.