රිය අනතුරක් සිදු කිරීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මීට අදාළව අත්අඩංගුවට ගන්නා ලද නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අදාළ නියෝගය ඊයේ (19) දිනයේ දී මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි විසින් ලබා දී ඇත.
ඒ අනුව අදාළ නීතිඥවරිය එළඹෙන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙලෙස බන්ධනගාර ගතකර කරනු ලැබුවේ මිසිකා රෝසල් නිශ්ශංක නමැති නීතීඥවරියක් වන අතර පසුගිය දිනක කොටදෙණියාව මැල්ලවගෙදර ප්‍රදේශයේ පන්නල මාර්ගයේ දී ඇයගේ මෝටර් රථය හා යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් ඇති අතර අනතුරුව මෙම සැකකාර නීතිඥවරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (19) දිනයේ දී මිනුවන්ගෙඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම සැකකාර නීතිඥවරිය පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අධිකරනයේ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් මෙම සැකකාරිය නිතිඥවරියක් බැවින් ඇගේ එම සේවය පිළිබඳ සලකා බලා ඇයට ඇප නියම කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීම් කළ ද එහි දී මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇයව 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී ඇත.
නීතිඥවරියක් වුවත් සාමානය ජනතාවට ක්‍රියාත්මක වන නීතිය පොදුවේ ක්‍රියාත්මක විය යුතු අතර එය විනිසුරුට ද එකසේ සිදු විය යුතුය. මැති , ඇමතිවරුන්ට පවා එකසේ සියල්ලම ක්‍රියාත්මක විය යුතුය. සියලු පුරවැසියන්ට එක සේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා ශ්‍රී ලංකාව තුල නීතිය අතට ගැනීම් බහුල ලෙස සිදු වේ. එවන් අවස්තාවක මිනිවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා සියල්ලම සාමාන්‍ය ලෙස සිදු කිරීම අගය කල යුතුය.