නීතිඥ නුවන් බෝපගේ පීඩිත ජනතාව වෙනුවෙන් ජිනීවා සමුළුව ඇමතීමට යයි.

නීතිඥ නුවන් බෝපගේ යනු පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කරන සැබෑම මානව වාදී නීතිඥවරයෙකි. ඔහු ප්‍රථමවරට ප්‍රසිද්ධ වන්නේ මීතොටමුල්ල කුණු කන්දෙනි. එහිදී ඔහුට පහරදීමක්ද සිදු විය. නමුත් කාලයාගේ ඇවෑමෙන් එම කුණු කන්දෙන් මිනිසුන් යට වෙමින් පණපිටින් වැළලී යන ලෙස සියලු කටයුතු සිදු විය. ඔවුන් ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ බොහෝ කටයුතු ජනතාව වෙනුවෙන් සිදුකල අතර පීඩිත මිනිසුන් වෙනුවෙන් නඩු කතා කරන්නේ මුදල් අයකර නොගනිමිනි.

රට පුරා විසිරි තිබෙන පාරිසරික විනාශයන් වලට එරෙහිව ඔහුගේ කණ්ඩායම මෙහෙයවමින් නිහඩ ජනතා සේවයක් ද ඔහු ඉටු කළේය. හම්බන්තොට සිමෙන්ති කම්හල වෙනුවෙන් රත්නපුර සංඛපාල කදු පන්තිය විනාශ කිරීමට එරෙහිව නඩු පැවරීමට කටයතු කලේද ඔහු විසිනි. සංඛපාල පන්සලේ භාරකාර කොකාවල කෝසල සහ දේශපාලන බලපුලුවන්කාරකම් ඇත්තෝ ඒ සදහා සියලුම කටයුතු සිදුකර තිබුණි. කෙසේ වෙතත් රාජපක්ෂ කදවුරේ බිදවැටීමට හම්බන්තොට සිමෙන්ති කම්හලද හේතුවක් විය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පලා ගියේය. දැන් එසේ පලා ගිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් තවත් ආණ්ඩුවක් පිහිටුවා ගෙන තිබේ. එකම ඔළුගෙඩි ටික එහි නම වෙනස් කර තිබෙන්නේ “නව රජය” ලෙසිනි. පලා ගිය රජයේ සාමාජිකයන් දැන් නව ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් යටතේ ඔවුන්ට විරුද්ධ වූ පුද්ගලයන් දඩයම් කරමින් සිටි. නමුත් අරගලකරුවන් පලා ගොස් නැත. ඔවුන්ද බලය ඇත්තන් සමග කරට කර හැප්පෙති. දැන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද පාලක පන්තියේ කණ්ඩායමක් ජිනීවා ගොස් තිබේ. එසේම පාලක පන්තියට එරෙහිව පීඩිත මිනිසුන් වෙනුවෙන්ද කණ්ඩායම් කිහිපයක් ජිනීවා සමුළුව ඇමතීමට නියමිත බවද වාර්තා වේ. ඉන් නීතිඥ නුවන් බෝපගේ පිටත්ව ගොස් තිබෙන බව තහවුරු කර තිබේ.

https://www.ravanalankanews.lk/9993/03/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b7%84%e0%b6%bd/03/00/

https://www.ravanalankanews.lk/10917/04/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/59/09/
Exit mobile version