නීතිඥ සංගමය මුදලිගේලා වෙනුවෙන් සටනට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ “ ත්‍රස්තවාදය” යනු කුමක්දැය්” නිර්වචනයක් නෑ.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

අප මෑතකදී ත්‍රස්තවාදය යනු කුමදැයි යන්න බන්ධනගාර ත්‍රස්තවාදය පිලිබඳව අනාවරණය කර තිබෙන ලිපියක අප  සඳහන් කර තිබේ. වසන්ත මුදලිගේ මහතා ඇතුළු සමස්ත ලක්ෂ ගනනාවක් වන මෙරට ජනතාව පාරට බැස්සේ රටේ තිබෙන ප්‍රශ්න නිසාය. පොහොට්ටු පක්ෂයේ ද ලක්ෂ ගනනක් මිනිසුන් ඔවුන්ගේම රජයට විරුද්ධ විය. ප්‍රශ්නවලට පිළිතුරු නොලැබීමෙන්  ජනතාව කුපිත විය. ඒ පාලකයන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙනි. පාලකයන්ගේ පළමු රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුයේ මාර්තු 31 ය. රාජ්‍ය පාලකයන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව පාලකයන්ගේ අතවැස්සන්ගේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුයේ මැයි මස 09 වැනිදාය. ත්‍රස්තවාදය පිලිබඳව තිබෙන නිර්වචනවලට අනුව එම සියලු ප්‍රහාරයන් ත්‍රස්තවාදී ප්‍රාහාර වේ.

නමුත් වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම ත්‍රස්තවාදී පනත යටතේ අත් අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා පොලිසියේ ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙන පොලිස් නිලධාරීන්ට නීතියක් අවශ්‍ය නැති බව පැහැදිලිය. නමුත් එම පොලිස් නිලධාරින්ගේ එම නීතිවිරෝදී ක්‍රියාවන් නිසා ජනතාව නැවත අරගලවලට සුදානම් වෙමින් පවතින අතර තවමත් රටේ ප්‍රශ්න විසදී නැත. ප්‍රශ්න තිබු තැනමය.    

ඒ අතර මව් රට වාර්තා කර තිබෙන ආකාරයට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ, උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නීතිඥ සංගමය සඳහන් කර තිබෙන්නේ , ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යනු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට විධායකයට ප්‍රතිපාදන සපයන කුරිරු නීතියක් බවයි.

එම පනතේ ‘ත්‍රස්තවාදය’ පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නො මැති බව ද එය නීත්‍යානුකූල විසම්මුතිය ප්‍රකාශ කිරීම යටපත් කිරීමටත්, සාමකාමී භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහාත් එය අනිසි ලෙස භාවිතා කිරීමේ බරපතල අනතුරක් පවතින බවත් නීතිඥ සංගමය සඳහන් කර තිබේ.

එහෙයින් එම පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, නිකුත් කර ඇති රැඳවුම් නියෝග වහා ම අවලංගු කරන ලෙසත් එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Exit mobile version