නීතිඥ සාලිය පීරිස් පොලිස් නිලධාරීන්ට අවවාද කරයි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන් වෙත අවවාදත්මක ප්‍රකාශයක් මුහුනුපොතේ පල කර ඇත.

“නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ කවදා හෝ තම නීති විරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව ය.

තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවී ඇති බව මම දැක ඇත්තෙමි. සමහරු වන්දි වශයෙන් ගෙවූ අතර ඔවුන්ගේ උසස්වීම් අහිමි විය. තවත් සමහරු අපරාධ ක්‍රියාවලට වැරදිකරුවන් වූ පසු සිර දඬුවම්වලට මුහුණ දීමට සිදු විය.

මේ දේවල් සිදු වූ විට, ඔවුන්ගේ ස්වාමිවරුන් ඔවුන්ව ආරක්ෂා කිරීමට කොහේවත් සිටියේ නැත. ඔවුන්ට තනිවම මුහුණ දීමට සිදු විය.

යුක්තියේ රෝද සෙමෙන් ඇඹරීමට ඉඩ ඇත, නමුත් ඒවා නිසැකවම ඇඹරෙනු ඇත.”

Exit mobile version