නීතිපති සහ පොලිස්පති අධිකරණයට අපහාස කරයි. (video)

අප මීට පෙර මෙම සිද්ධියේ මුල් කොටස ඉදිරිපත් කර තිබේ. අද අප ඉදිරිපත් කරන්නේ එහි අවසන් කොටසයි. මෙහිදී හිටපු නීතිපති, වර්තමාන පොලිස්පතිගේ මෙන්ම ජානාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ කෙරුවාවල් අනාවරණය වේ.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති දින තුනක් ඇතුලත නිර්දේශ ලබාදෙයි.

පොලිස්පතිගේ කණ්ඩායම (SIU ) විසින් ලබා දී තිබු වාර්තාව නීතිපති නිර්දේශ සදහා යොමු කර තිබේ. දින තුනක් ඇතුලත එම නිර්දේශ ලබා දීමට තරම් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වේගවත් වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව තුල සියගණනක් පැරණි නඩු අවුරුදු ගනනාවක් පවතින අතර එම අපරාධ නඩුවලට නීතිපති උපදෙස් ලබා දීම සදහා අවුරුදු හතරකට ආසන්න කාලයක් ගත වෙයි. නමුත් ජනාධිපති නීතීඥවරයාගේ පුතාගේ සිද්ධියට ඔවුන් අධි වේගයෙන් ක්‍රියාත්මක වී තිබේ. නීතිපති සැමට සමානාත්මතාවයෙන් සලකා තිබෙන්නේ එසේය.

නීතිපතිගේ සහ පොලිස්පතිගේ මේ නීතිවිරෝදී ක්‍රියාව පිලිබඳව අදාළ නිලධාරීන් හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර මහතා වෙත පැමිණිලිකර තිබේ. ඔහු විසින් ස්වාධීන විමර්ශනයක්  සිදු කර තිබේ. එම විමර්ශනය පවතින අතරතුර අදාළ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට නොගන්නා ලෙස අමාත්‍යවරයා පොලිස්පති වෙත දන්වා තිබේ. අමාත්‍යවරයාගේ පරීක්ෂණ වාර්තාවට අනුව “ පොලිසියට පැමිණි නොහික්මුණු තරුණයෙකු, පොලිසියේදී සිදුකල නොමනා ක්‍රියාවක් නිසා පොලිස් නිලධාරින්ව අත් අඩංගුවට නොගන්නා ලෙසද, එසේ අත් අඩංගුවට ගතහොත් පොලිස් නිලධාරීන්ගේ උද්යෝගය හීන වේ” ලෙස එම වාර්තාවේ සඳහන් වේ.   

ඉන් අනතුරුව අමාත්‍යංශ ලේඛම් විසින් ලිපියක් මගින් ඔවුන්ව නැවත සේවයේ පිහිටුවා, හිඟ වැටුප් ආදීයද අත් හිටවා තිබු සියලුම ගෙවීම් සිදු කරන ලෙසද, නිලධාරීන්ට විරුද්ධව කිසිම විනය පරීක්ෂණයක් සිදු නොකරන ලෙසද පොලිස්පති වෙත දන්වා තිබේ.

මූලික අයිතිවාසිකම් නඩු පැවරීම.

එම සිද්ධියෙන් නිලධාරීන්ට යුක්තිය ඉටු වුවත් ඔවුන් ඇතුළු නිලධාරීන් 16 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබේ. ඒ මිගාර ගුණරත්නට පහර දීමට විරුද්ධවයි. කෙසේ හෝ මේ වන විට උසස් නිලධාරීන් වන පොලිස්පති, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්,  ජේෂ්ඨ පොලිස් අධිකාරි කැලණිය  රොෂාන් ඩයස්, සමග නිලධරීන් 16 දෙනෙකුට එරෙහිව පවරා තිබෙන මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ ඉහතින් සදහන් නිලධාරීන් තිදෙනාට පමණක් නීතිපති පෙනී සිටින අතර අනෙකුත් නිලධාරින් 13 දෙනාම පුද්ගලිකව නීතිවේදීන් ඉදිරිපත් කරයි. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වීමට නීතිපති අකමැත්ත පළකර තිබේ.

මෛත්‍රී ගුණරත්නගේ සබඳතා

පැවති යහපාලන රජය සමයේ දකුණු පළාත් ආණ්ඩුකාර වුයේ මෛත්‍රී ගුණරත්නය. එවකට දකුණු පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වුයේ වර්තමාන පොලිස්පතිය. එවකට මාතර කොඨිඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වුයේ දේශබන්ධු තෙන්නකෝන් මහතා වේ. එවකට දකුණු පළාත් ආණ්ඩුකාර වුයේ ජානාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාය. ඔවුනොවුන් අතර මනා සබඳතාවයක් තිබේ. අපරාධ කණ්ඩායමක් බේරා ගැනීම සඳහා පොලිසියට ගොස් පොලිස් නිලධාරීන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකරනු ලැබූ චන්ඩි පුතා බේරාගැනීමට ජනාධිපති නීතිඥවරයා දැඩි වෙහෙසක් ගන්නා අතර ඒ සදහා නීතිපති දප්පුල ද ලිවේරා මෙන්ම වර්තමාන පොලිස්පති ද ක්ෂණිකව ක්‍රියාත්මකව තිබේ. මෛත්‍රී ගුණරත්නගේ පුතාට දඩුවම් නොකිරීම සදහා ඔහු තවත් රාජකාරිය නිසි ලෙස ඉටුකළ නිලධාරින් ගණනාවකගේ බඩට ගසා තිබේ. මිගාර ගුණරත්න මහතාද මෙරට පුරවැසියෙකි. මෛත්‍රී ගුණරත්නද එසේය. කාට වුවද නීතිය පොදු විය යුතුය. තම පුතාගේ වැරදි සගවා ගැනීමට ඔහු කටයුතු කරන්නේ තවත් නිලධාරින් 13 දෙනෙකුගේ ජීවිත අවධානමට තබමිනි. එසේම මේ සියලු කටයුතු සිදුකරන්නේ නීති ශිෂයෙකු වන මිගාර ගුණරත්නට නීතිඥ වෘත්තීයේ දිවුරුම් දීමට නොහැකි වීම වලක්වා ගැනීමටය.

මිගාර ගුණරත්නගේ නඩු ගොනුව නීතිපති වෙත යොමු කිරීම

සාම නිලධාරීන් මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කරන නඩු කටයුතු වලදී නීතිපති උපදේස ලබා ගැනීම හෝ නොගැනීම පිලිබඳව විශේෂයෙන් සඳහන් කර නොමැති ස්ථානවලදී වුවද උපදේශ ලබා ගැනීමට ඉල්ලීම් කිරිමට හා අවසර ඉල්ලීමට මෙන්ම ඒ සදහා කල යුත්තේ කුමක්ද යන්න පිලිබඳව තීරණය කිරීමට අධිකරණයට බලය තිබේ. නමුත් අධිකරණයට කරුණු සගවමින් පුරැද්දක් වශ‍යෙන් සිදු කල සිදු කිරීමක් මෙහිදි අනාවරණය වේ. එනම් මෛත්‍රී ගුණරත්න මහතා පුරුද්දක් වශයෙන්ම තමන්ට අයත් සමහර නඩු නීතිපති උපදෙස් සදහා යොමු කරන ලෙස ඉල්ලීම් කර තිබීමයි. ඒවා මොනවාද යන්නද මෙම ලිපියේම ඉදිරියේදී සදහන් කර ඇත.

නීතිපතිගේ උපදෙස් ලැබීම

නීතිපතිගේ උපදේස් වලට අනුව පැහැදිලිවම සාක්ෂි නොමැතිව තිබියදී මෙන්ම විශේෂ අපරාධ පරීක්ෂණ වලින් පවා සාක්ෂි නොමැතිව තිබියදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධරීන් තිදෙනෙකුට නඩු පවරන ලෙස උපදෙස් දී තිබේ. ඒ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 315 වැනි වගන්තිය යටතේය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ එම වගන්තියෙන් කියවෙනුයේ “අන්තරායකර ආයුද වලින්, ක්‍රම වලින් හෝ කැමැත්තෙන්ම තුවාල සිදු කිරීම” වේ.  නමුත් අප සතුව තිබෙන ලේඛණ වලට අනුව තියුණු ආයුධ වලින් පහරදීමක් අනාවරණය වී නැත. වෛද්‍ය වාර්තාවල පවා එවැනි තත්වයක් සදහන්ව නැත. එසේම විශේෂ අපරාධ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙන්නේ එම පොලිස් නිලධාරින් එසේ පහර දීමක් සිදු කර නැති බවයි. එසේ නම් පරීක්ෂණ වලට ඉහලින් යමින් එසේ නඩු පැවරීමට නීතිපතිට බලයක් තිබේද?. නැත එවැනි දෙයක් කිරීමට නීතිපතිට බලයක් නැති අතර නීතිපතිද රජයේ නිලධාරියෙකි. සියල්ලටම පෙර නීතියේ ආධිපත්‍ය සුරැකීමට නීතිපති දැනගෙන සිටිය යුතුය.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේඛම්ගේ අණටත් උඩින් පොලිපති ක්‍රියාත්මක වෙයි.

මේ අවනඩුව නොහොත් “ නොහික්මුණු තරුණයෙකු පොලිසියට පැමිණ කල අපරාධය” නිසා පොලිස් නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට පොලිස්පතිවරයා කටයුතු නොකිරීම නිසා අදාළ නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට කරන ලද පැමිණිල්ලට අනුව සිදු කර තිබෙන පරික්ෂණයට අනුව එම නිලධාරීන්ට කිසිදු චෝදනා පත්‍රයක්වත් ලබා නොදිය යුතුය. එසේ නොකළ යුතු බවද දන්වා තිබියදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට චෝදනා පත්‍රයක් ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරතිබෙන අතර මිගාර ගුණරත්න මහතා විසින් පවරා තිබෙන මූලික අයිතිවාසිකම් නඩුව මෙම 23 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

මෛත්‍රී ගුණරතනගේ තවත් පුතෙකුට චෝදනා

මෙම සිද්ධියට සම්බන්ධ මිගාර ගුණරත්න මහතාගේ සහෝදරෙයෙකු වන චරිත ගුණරත්න මහතා නීතිඥවරයෙකු වේ. 2013 වර්ෂයේදී පොලිස් අණ නොතකා   බීමත්ව රිය පැදවීම නිසා සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. එහිදී ඔහුට විරුද්දව චෝදනා 10 ක් යටතේ නඩු පැවරීමට පොලිස් රථ වාහන කොඨිඨාශය උපදෙස් ලබා දී තිබේ. එම නඩුවද අලුත් කඩේ අංක 07 උසාවියේදී විභාගයට ගෙන තිබෙන අතර එහිදීද, චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විශේෂ ඉල්ලීමක් කරමින් නීතිපති උපදෙස් සදහා යවන ලෙස ඉල්ලා තිබේ.

චෝදනා 10 න් 07 ක්ම ඉවත්කරමින් නඩු පැවරීමට නීතිපති උපදෙස් දෙයි.

නීතිපති උපදෙස් ලබා දීමේදී චෝදනා 10 න් 07 ක් ඉවත් කර තිබේ. එහිදී බීමත්ව රිය පදවා තිබෙන බවට වෛද්‍ය වාර්තා වලද සදහන්ව තිබෙන නමුත් නඩු පැවරීම සිදු කර තිබෙන්නේ එම චෝදනාවද ඉවත් කරමිනි. එම වගන්තියෙන් නඩු පැවරුනේ නම් අනියම් මිනීමැරීමේ චෝදනාවට චරිත ගුණරත්න මහතා වරදකරු වේ. නමුත් නීතිපති එසේ කිරීමෙන් ජනාධිපති නීතිඥවරයාගේ පුතා බේරා ගැනීමට කටයුතු කර තිබේ. නමුත් එසේ කිරීමට නීතිපතිට බලයක් නැති වුවත් නීතිය නැමීම ඔහු විසින් කර තිබේ. එයින් පෙනී යන්නේ මෛත්‍රී ගුණරත්න මහතා නීතිපති දෙපාර්තමේන්තුව සමග යම් සමීප සබඳකමක්  තිබෙන බවයි. නීතිපති එසේ කිරීම තුලින් නීතිපතිට විරුද්ධවද නඩු පැවරිය යුතුය. බලය අවභාවිත කිරීමට ඔහුට අමුතු බලයක් දී නැත.

ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න බලපත්‍ර නොමැති තුවක්කුවක් තබා ගැනීම

මීට අවුරුදු කිහිපයකට පෙර කඩුගන්නාව පොලිසියට ලැබුණු තොරතුරක් මත  ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අත් අඩංගුවට ගන්නේ රිපිටර් වර්ගයේ තුවක්කු දෙකක් ලග තබා ගැනීමේ වරදටයි. ඊට අමතරව පතරොම් 7 ක්ද අත් අඩංගුවට ගෙන තිබුණි. එදිනම රාත්‍රියේ ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

වංචනික තුවක්කු බලපත්‍රක් ඉදිරිපත් කර නඩුවෙන් නිදහස් වීම

ඉන් මාස 08 කට පමණ පසුව 2668 හා 2670 යන තුවක්කු බලපත්‍ර දෙක පොලිසියට ඉදිරිපත් කර තිබේ. ඉන් පසුව එම විමර්ශන ගොනුව පොලිස් නීති කොඨිඨාශය වෙත යොමු කර තිබේ. පොලිස් නීති කොඨිඨාශයද “දී කිරටත් බල්ලලු සාක්ෂි” කිවා සේ බලපත්‍ර තිබේ නම් නඩුව ඉවත් කරගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර තිබේ. නමුත් අප ලග තිබෙන ලේඛණ වලට අනුව 2668 යන බලපත්‍රය නිකුත් කර තිබෙන්නේ 2016 අප්‍රේල් මස 17 දින වන අතර 2670 දරන බලපත්‍රය නිකුත් කර තිබෙන්නේ 2017 අවුරුද්ද සඳහාය. නමුත් මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ 2018 වර්ෂයේ වුවත්, 2018 වර්ෂය  සඳහා සාක්ෂි අනාවරණය කරගැනීමට මෙම ලියුම්කරු අපොහොෂත් විය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිපති අධිකරණයට අපහාස කිරීම

මෙම ලිපිය අප වෙත යොමුකර තිබෙන විශේෂ ලියුම්කරුගේ ලේඛණ වලට අනුව ඉහතින් සඳහන් කර තිබෙන  නීතිපතිගේ වාර්තා වලට අනුව වැරදිකරුවෙකු බේරාගැනීම සඳහා සත්‍ය කරුණු වසන් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. එසේම නිවැරදි කරුවන් වැරදිකරුවන් කිරීම සඳහාද නීතිපති තම රාජකාරිය වැරදි ලෙස භාවිතා කර තිබේ. එසේම ජනාධිපති නීතිඥවරයෙකු වෙනුවෙන් ඔහු විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. එසේම සත්‍ය කරුණු වසන් කරමින් අධිකරණයේ නඩු පැවරීමටද නීතිපති කටයුතු කර තිබේ.

එසේම ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාද අධිකරණය නොමග යවා තිබේ. ඒ සදහා නීතිපති සමග එක්ව කටයුතු කර තිබේ. එසේම ජනාධිපති නීතිඥවරයාද කල් ඉකුත් වූ බලපත්‍ර දෙකක් ඉදිරිපත් කරමින් තුවක්කු නඩුවෙන් නිදොස් කොට නිදහස්ව තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ වරද

SI ට පහරදීල පොලිසියේ නම්බුව ආරක්ෂා කිරීමට ගොස් ඔවුන් ට ඉදිරිපත් කර තිබෙන නඩු වලින් ගැලවීම සදහා ලක්ෂ 40 කට වඩා වියදම්කරමින් සිටි. තම නිලධාරීන් රකිම වෙනුවට, වෙනත් අය රැකීමට ගොස් මෙම නිලධාරින්ගෙන් රටට වැඩක් ගත නොහැකි බවවත් පොලිස්පතිවරයාට නොතේරීමේ විපාකය ඔහුටද දිනක විදීමට සිදු වනු ඇත.

සාරාංශය

මෙම සිදුවීම් මාලාවේදී අපගේ නිගමනයට අනුව නම් මෛත්‍රී ගුණරත්න මහතා හෝ ඔහුගේ දරුවන් වරදක් කර නැත. වැරදි කල පුද්ගලයන් සුරැකීම සිදු කරත තිබෙන්නේ මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ය. නියමිත් දඩුවම් ලබා දීමට ඉඩ නොදී ඔවුන් බිහි කරනුයේ අපරාධකරුවන්ය. නිසි දඩුවම ලබාද උන්නේ නම් ඔවුන් නැවත නැවත අපරාධ කිරීමෙන් වැළකෙති. එසේම ඔවුන්ද නිවැරදි මගට යොමු වේ. එසේම නියමිත දඩුවම් ලබා දීම වලක්වීමෙන් මෙම පුද්ගලයන් තව තවත් වැරදි කරමින් සමාජ අපකීර්තියට මෙන්ම භියක්ද ඇති වේ. එයින් දිනක ඔවුන්ටම හානි සිදු වේ. එබැවින් වැරදි කරුවන්ගේ හෙට දිනය අනතුරේ හෙළීමටද කටයුතු සිදු වේ. එබැවින් දෙපර්ශ්වයම ආරක්ෂා කර ගැනීම කල යුත්තේ නීතිපති විසිනි. නමුත් මෙහිදී දෙපාර්ශ්වයම අනතුරේ දැමීමට නීතිපති මෙන්ම පොලිස්පති කටයුතු කර තිබේ.

එසේම රටට වැඩක් ඇති තරුණයෙකු බිහි කරගැනීම සදහා තිබෙන හොදම අවස්තාව නම් නීතිය නිසි ලෙසම ක්‍රියාත්මක කිරීමයි. වරදට දඩුවම් නොලැබෙන විට, තරුණ ජීවිත විනාශ වන අතර පොලිස් දෙපාර්තමේන්තුව හෝ නීතිපති හෝ මෛත්‍රී ගුණරත්න මහතා ද තරුණයන් වෙනුවෙන් මේ කරන්නේ නොකළ යුත්තකි. පියෙක් දරුවන් බේරා ගැනීම සදහා කටයුතු කල යුතුය. නමුත් තමන්ගේ දරුවා හෝ යම් වරදක් කර තිබෙන්නේ නම් තරුණකමට සිදුකරන වැරදි වලින් ඔවුන්ව සුරකෂා කල යුතුය. එසේ නොමැති වූ විට සිදු වන්නේ තමන්ගේ දරුවන් නිසාම දිනක තමන්ටම පීඩා විදීමට සිදුවීමයි.

සත්‍ය ලේඛණ මත මෙම ලිපිය සකසා තිබේ. මෙහි මුල් කොටස පහලින් බලන්න

ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ගේ කතාව

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නගේ මහතාගේ ප්‍රකාශය

මුල් කොටස

https://www.ravanalankanews.lk/11783/05/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%ba/24/16/
Exit mobile version