නීතියට පිටින් ගිය ධීවරයන් නාවික දැලට.

නීති විරෝධී අයුරින් ධීවර කටයුතු වල නිරතවූ ධීවරයන් පිරිසක් යාපනය වෙත්තලකෙනි, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශවලට ආසන්න මුහුදු ප්‍රදේශ වලදී නාවික හමුදා විශේෂ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස 18 දෙනකු බව සදහන් වේ. ඔහුන් සමග ඩිංගි යාත්‍රා 6 ක්, නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් හා කිමිදුම් උපකරණ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්වේ.

අත්අඩංගුවට ගත ධීවරයන් වයස අවුරුදු 18 ත් 42 ත් අතර පසුවන මන්නාරම, කල්පිටිය හා මුල්ලියන් යන ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

ධීවර ආම්පන්න හා පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සදහා යාපන ප්‍රදේශ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Exit mobile version