නීතිය ආරක්ෂා කරන්නන්ගේ නීති විරෝදී ක්‍රියාකලාපයට එරෙහිව මානව හිමිකම් කොමිෂම දැඩි තීරණයක් ගනී

ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාපයන් තුළින් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

නීතිය ආරක්ෂා කරන්නන්ගෙ මෙවැනි ක්‍රියා කලාපයන් කිසිසේත් අනුමත කළ නොහැකි බව එම කොමිසම සඳහන් කරයි.

ඒ අනුව මේ පිළිබඳ කරුණු විමසීම සඳහා 2022.11.21 වනදා පෙරවරු 10.00 ට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත කැඳවා ඇත.

Exit mobile version