නීතිය ඉගෙන ගනිමු – අපරාධ වරද සහ නීතිය – පාඩම් අංක 08 – (video)

නීතිය ඉගෙන ගනිමු – අපරාධ වරද සහ නීතිය

පාඩම් අංක 08

අපරාධ නීතිය මගින් මහජනතාවට, සමාජයට හෝ රාජ්‍යයට එරෙහිව, වරදක් ලෙස හෝ සිදුවිය හැකි හැසිරීම් සම්බන්ධව කටයුතු කරයි. මෙතුලින් සාපරාධී වැරදි නිර්වචනය කිරීම සැක සහිත පුද්ගලයන් හදුනා ගැනීම, චෝදනා කිරීම සහ වැරදිකරුවන් වූ පුද්ගලයන්ට අදාළ වන දඩුවම් සහ ප්‍රතිකාර ක්‍රම නියම කරන නීති පද්ධතිය  ලෙස අපරාධමය  ක්‍රියාවලිය තුලදී ක්‍රියාත්මක වේ.

අපරාධ නීතියේදී සංවිධානාත්මක සමාජයන් විසින්, පුද්ගල අවශ්‍යතාවන්ගෙන් ආරක්ෂාව, ආරක්ෂා කරන සහ කණ්ඩායමේ පැවැත්ම සහතික කරන එක උපාංගයක් ලෙස පමණක් ක්‍රියාත්මක වේ.  ඊට අමතරව පවුල, පාසල සහ ආගම විසින් මෙහෙයවනු ලබන හැසිරීමේ ප්‍රමිතීන් තිබේ. කාර්යාලයේ සහ කාර්ය මණ්ඩලයේ නීති, සාමානය පොලිස් බලතල විසින් බලාත්මක කරන ලද සිවිල් ජීවිතයේ රෙගුලාසි ආදියද තිබේ.  නමුත් අපරාධයක් යනු මහජනතාවට එරෙහි වරදක් ලෙස සලකනු ලැබුවද සැබෑ වින්දිතයා පුද්ගලයකු විය හැකිය.

 අපරාධයක් යනු සදාචාරාත්මක වරදක් ලෙස සදාචාරාත්මක ප්‍රවේශයක් ගෙන ඇත. සාපරාධී සම්භාධකවල පරමාර්ථය වනුයේ වරද කරුට සිදුවූ හානිය පිළිගැනීමක් ලබාදීම සහ ඔහුගේ සදාචාරාත්මක වරද ඉවත් කිරීමයි. අතීතයේදී සමහර අවස්ථාවලදී විත්ති කරුගේ වරදට සමානුපාතිකවද දඩුවම් ලබාදීමට ක්‍රම තිබුණි. නමුත් නුතන කාලවලදී වඩාත් තාර්කික  හා ප්‍රායෝගික අදහස් ප්‍රමුඛ වී තිබේ. බුද්ධිමය ලේඛකයන් වන ඉතාලියේ සිසෙරේ බෙකරියා, ප්‍රංශයේ මොන්ටෙස්කියු සහ වෝල්ටෙයාර්, බ්‍රිතාන්‍යයේ ජෙරම් බෙත්තම් සහ ජර්මනියේ පී.ජේ.ඒ. වෝන් ෆියර්බැක් වැනි අය අපරාධ නීතියේ ප්‍රධාන අරමුණ අපරාධ වැලක්වීම ලෙස සැලකුහ. සංවර්ධනය සමග සමාජ විද්‍යාවන්හී මහජනතාවගේ ආරක්ෂාව සහ වරදිකරුවන්ගේ ප්‍රතිසංස්කරණය වැනි නව සංකල්ප ඇති විය. ඇත්ත වශයෙන්ම සමාජයේ මිනිසුන්ට අප ආදරය කරන්නේ නම්, අපි අපටම ආදරය කරන්නේ නම් සිදුවිය යුත්තේ එයමය.

කෙසේ නමුත් අපරාධයක් සිදුවන විට එයින් මුළු මහත් සමාජයම භීතියෙන්, ත්‍රාසයෙන් වෙලා ගන්නවා. මොන තරම් චන්ඩියෙක්, බලපුලුවන්කාරයෙක් වුවද අපරාධයන් හමුවේ තමනුත් එවැනි තත්වයට පත්වේ යැයි බියෙන් තැති ගන්නවා. අපරාධයක් නිසා සමාජයට සිදුවන බලපෑම මත අපරාධයේ ප්‍රමාණය තෝරා ගත හැකි නමුත් සියලුම අපරාධ වලින් සමාජය බිය ගැන්වීම සිදුවනවා.

යම් පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන වැරදි වලට දඩුවම් ලබා දිය යුත්තේ රජයයි. ඔවුනට දඩුවම් ලබාදීමට පුරවැසියාට අයිතියක් නැත. එහෙත් රජයටද නීතිය අතට ගත නොහැකිය. “කිසිවෙකුට නීතිය අතට ගත නොහැකිය” යන සිද්ධාන්තය පිළිගත් නීති සිද්ධාන්තයක් බැවින් වරදට එරෙහිව දඩුවම් ලබාදීමට හෝ යම් තීරණයක් ගැනීමට රජය ඉදිරිපත් නොවේ. මේ වෙනුවෙන් රජය ක්‍රියාත්මක වනුයේ නීතිමය වශයෙන් පිළිගත් ක්‍රමයකටයි. මෙසේ නීතිමය සිද්ධාන්ත මත කරුණු සිදුවී මෙසේ, අධිකරණ ක්‍රියාමාර්ග හරහා තීරණ නොගෙන, දඩුවම් ලබාදීම හෝ තීරණ ගැනීම සිදුවන්නේ නම් එයින් පෙන්වන්නේ එම දේශය හෝ ප්‍රාන්තය මිලේච්ච, නීතියක් නොමැති දේශයක් හෝ රාජ්‍යක් බවයි. එවැනි රාජ්‍යයන් තුල මිනිසුන්ගේ පමණක් නොව සමස්ත ජීවී පද්ධතියම   විනාශ කිරීමට කටයුතු සිදු වේ. එවැනි අනතුරු දායක ගමනක් යන රාජ්‍යන් නියත වශයෙන්ම තම විනාශය ලියාගනු ඇත.  එසේත් නොමැති නම් එම රාජ්‍ය හෝ දේශය තුල නීතිය ස්ථාපනය නොවූ බව පෙන්නුම් කරයි. එබැවින් අප දැනගත යුත්තේ අධිකරණ ක්‍රියා මාර්ග තුලින් පමණක් දඩුවම් ලබාදිය යුතු බවයි. එසේ නොමැතිව දඩුවම් ලබාදීමද අපරාධයක් වන බවත් එතුලින්ද සමාජය භීතියට පත්වන බවද අමතක නොකළ යුතුය.

මෙසේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේදී රජය පැමිණිලිකරු වියයුතු අතර ඔහුට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු රජය විසින් සිදුකල යුතු අතර අධිකරණය දෙපාර්ශවයටම කන් දී විනිශ්චය ලබාදෙයි.

 අපරාධ නඩුවලදී සිදුවන අනෙක් වැදගත්ම කරුණ වනුයේ අධිකරණය ඉදිරියේ පවතින නඩුවේදී පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන පැමිණිලි සාධාරණ සැකයකින් තොරව ඉදිරිපත් කල යුතු වීමයි. එයින් අදහස් කරනුයේ සාක්ෂි වල කිසිදු සැකයක් නොතිබිය යුතු බවයි. එසේ සැකයක් තිබුනේ නම් එම සැකයේ වාසිය චුදිතයා වෙත ලබා දීම සිදු වේ. අප උදාහරණයක් ලෙස වර්තමාන ශ්‍රී ලංකාව දෙස බැලීමේදී පැමිණිල්ල නොහොත් රජය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා පොලිසිය වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නිසි ලෙසම සිදුකරන්නේද යන්න සැක සහිතය.

එසේම චුදිත සිදු කරනු ලැබූ වරද කායිකව පමනක් නොව මානසිකවද ඔප්පුකල යුතුය. යම් කිසි පුද්ගලයකුට පහර දීම, මරා දැමීම  පිහියකින් අනීම වැනි දෑ සිදු කරන අපරාධ කරුවා එය සිදු කල බව  පමණක් ඔප්පුකිරීම ප්‍රමාණවත් නොවේ. එය මානසිකව හිතා මතා සිදුකල බවද ඔප්පු කල යුතුය. එය නුතන අපරාධ නීතියේ සිද්ධාන්තයකි.

තවද අපරාධ නඩු පැවරීම සදහා සිදුකල යුතු සියලු මග පෙන්වීම් අපරාධ නඩු විධාන සංග්‍රහය තුල සදහන් වේ. මෙම ඉදිරිපත් කරනු ලබන හැදින්වීමෙන් පසුව අපරාධ නීතිය වගන්ති ලෙස ගෙන පැහැදිලිකිරීම් කරනු ඇත එහිදී ඔබට පැහැදිලිව අපරාධ නීතිය අංග සම්පුර්ණව ඉගන ගත හැකිය. ( ඊ ලඟ පාඩම  – අධිකරණ ක්‍රියාවලිය)

 (මෙම පාඩමට අදාළ වීඩියෝව පහතින් බලන්න)

ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.  

Excerpt prohibited. Posting without permission in other places is prohibited. Registered under Intellectual Property.

https://studio.youtube.com/video/C8CwGUM6pNk/edit

Exit mobile version