උසාවියෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට දඩුවම් ලබා දීම සදහා බාර දෙන්නේ බන්ධනාගාරයට බව කවුරුත් ඉතාම හොදින් දනී. මෙහිදී සිදුවන්නේ බන්ධනගාරගත කර දඩුවම් ලබා දීමට කටයුතු කරන ලෙස ලබා දෙන නඩු තීන්දුවලට යටත් වන පුද්ගලයන් බන්දනගාරගත කර දඩුවම් ලබා දීමයි.
ඒ අනුව අධිකරණයෙන් ලබා දෙන සිර දඩුවම් කාලය අවසන් වන තුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමයි. ඊට අමතරව යම් වරදක් විමර්ශනය කර අවසන් වන තුරු හෝ, ඇප ලැබෙන තුරු බන්ධනගාර ගත කිරීම සිදු වේ.
සිරගෙදරදී සිදුවන්නේ අධිකරණය තීරණය කල පරිදි සිර දඩුවම ක්‍රියාත්මක කිරීමයි. බන්ධනාගාරය දඩුවම් ක්‍රියාත්මක වීමක් සිදු නොවන අතර එහිදී සිදුවන්නේ එම කාලය අවසන් වූ පසු එයින් නිදහස්ව පැමිණ නඩු දිනයට අධිකරණයට වාර්තා කිරීම ආදිය පමණි. වැලිකඩ සිර ගෙදර, බෝගම්බර හිර ගෙදර, මැගසින් සිර ගෙදර ආදී මෙම හිරගෙවල් සහ බන්ධනාගාර ක්‍රියාත්මක වේ.
බන්ධනාගාරය නැතහොත් සිර ගෙදරින් සිදුවන්නේ සිරකරුවන් පුනරුත්තාපනය කිරීමයි. සැබවින්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන සිරගෙවල් වලින් සිරකරුවන් පුනරුත්තාපනය කිරීම නිසි ලෙස සිදුවනවාද යන්න සොයා බැලුව හොත් නීති විද්‍යාවෙන් බලාපොරෝත්තුවන දේ ලංකාවේ නම් සිදුවන්නේ නැත. අප ඒ පිළිබදවද ඉදිරි පාඩම්වලදී කතා කරනු ඇත.
බන්ධනාගාරගතවන පුද්ගලයන් ඉන් නිදහස ලැබීමෙන් පසු, තම ප්‍රජාවන් සමග නැවත එක් වීම සදහා බොහෝ ප්‍රායෝගික හා සමාජීය අභියෝගයන්ට මුහුණ දෙති. අධ්‍යාපනය සහ ප්‍රායෝගික කුසලතා බොහෝ දෙනෙකුට නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට විවිධ බාධකවලට මුහුණ දීමට සිදු වේ. පුනරුත්ථාපනය සහ මහජන ආරක්ෂාව වැඩි කිරීම සදහා, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය භාවිතා කරන විධි විධාන සහ උපාය මාර්ග අකාර්යක්ෂම බවද අපට පැහැදිලිවම දක්නට ලැබේ. ඒවා වර්තමානයට ගැලපෙන ලෙස නව ප්‍රතිපත්ති සැකසීමට කාලය එලඹ තිබුණත් ඒවා එසේ විය යුතු බවට පාලක පන්තියේ අවධානයට ලක්ව නැත. බන්ධනාගාරවලින් නිදහස ලබා යන පුද්ගලයන් නැවත නැවත අත් අඩංගුවට පත් විම, නැවත නැවත නඩු වලට පැටලීම ආදිය දෙස බලන විට මෙම ක්‍රමය තුලින් බලාපොරොත්තුවන “නැවත වරදක් නොකරන පුද්ගලයෙකු බවට පත් කිරීම” යන යන සංකල්පය නිසි ලෙස සිදුකිරීමට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරය අසමත්ව තිබේ.
මානව ගරුත්වයට ගරු කරමින්, මහජන ආරක්ෂාව ස්ථාවරවම ආරක්ෂාකරගෙන යන හා වැඩි දියුණු කරන පලදායි යුක්තිය පසිදලීමෙ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුල පැවතියත්, එම ක්‍රමය තුල තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වලට පයින් ගසා, එහි තිබෙන අභිමතානුසාරී බලය ඇතුලින්, සැබෑම ලෙස සිදුවිය යුතු යුක්තිය පසිදලීමේ ක්‍රමය වසා දැමී තිබේ. ඉන් පැහැදිලි වන්නේ, මෙතුල ක්‍රියාත්මක වන නීතිය මගදී හරවා, වැරදි ලෙස තම අභිමතය භාවිතා කරන යුක්තිය පසිදලීමේ ක්‍රමයට හවුල් වන පුද්ගලයන්ද බරපතල අපරාධයක් සිදුකරනා බවයි.
බන්ධනාගාරගතව සිට සමාජයට පැමිණ නැවතත් වැරදි කරන්නේනම් ඉන් කියවෙන්නේ බන්ධන්ගාරයේදී අවශ්‍ය නිසි පුනරුත්ථාපනය ලැබී නොමැති බවයි. ලොව බොහෝ රටවල් දෙස බැලීමේදී නිසි පුනරුත්තාපනයක් සිදු වුයේ නම් ඔහු කිසිම දිනයක නැවත වැරදි කරන්නේ නැත. පුද්ගලයෙකු සිපිරිගෙදරින් පිටව ගොස් සමජගතවීමේදී මුහුණ දෙන සමාජ අපකිර්තියට අමතරව රැකියා, නිවාස, ආදී දේ සමග ඒවා ලබා ගැනීම සදහා අවශ්‍ය දේ ඔහු හෝ ඇය සිරෙන් නිදහස්ව යන විටම ලැබිය යුතුය. නමුත් එවන්න ශ්‍රී ලංකාවේ නම් සිදු නොවේ. සිරෙන් නිදහස් වන විටම ඔහුට අවශ්‍ය මුලික අවශ්‍යතා සියල්ලම නොලැබීමද නැවත නැවත අපරාධවලට ගොදුරුවන අතර මහජන ආරක්ෂාවටද ගැටළු ඇති වේ.
බන්ධනාගාර ගත කරන පුද්ගලයන් බන්ධනාගාර ගත කරනුයේ ඔහුට හිංසාවක් පිඩාවක් ඇතිකිරීමේ අරමුණින් නොවේ.ඔහු කල වරදට දඩුවමක් මගින් හිංසාවක් ලබා දීමද එහි බලාපොරොත්තුවක් නැත. වරදට සරිලන දඩුවම ලබා දීමෙන් ඔහුට ඒ පිළිබදව පසු තැවීමට අවස්තාවක් ලබා දි එතුලින්, ඔහු යහපත් පුරවැසියෙකු බවට පත් කිරීම දඩුවම් ලබා දීමේ අරමුණය. තවද එතුලින් සමාජයට යහපත් පණිවිඩයක් ලැබෙන අතර වැරදි වැඩ කිරීමට පෙර දෙවරක් සිතීමට සමාජයේ සිටින පුදගලයන්ටද ඉන් පණිවිඩයක් ලැබේ.
මෙම සියලුම කරුණු එකතුකළ විට බන්ධනාගාර දෙපාර්තෙම්න්තුවට ලැබී තිබෙන වගකීම ඉතා ප්‍රබලය. ඔහු හෝ ඇය සමාජයට ගැලපෙන පුදගලයෙක් බවට පත් කිරීමට ඉතාම බාර දුර කටයුත්තක් වන අතර ඒ සදහා බන්ධනාගාර දෙපර්තමෙන්තුව තුල සේවය කරන නිලධාරින් ඉතාම කාරුණික මිනිසුන් විය යුතුය. එහිදී සියලුම සිරකරුවනට අනුකම්පා කිරීම, නිසි ඔවදන් ලබා දීම , නිසි මාර්ගය පෙන්වා දීමට, සියලුම සිරකරුවන්ට ඒක සේ සමානව සැලකීමට ඇති හැකියාව ඔවුන් සතුව තිබිය යුතුය. ඔවුන්ට කාරුණිකව සැලකීම තුලින් පමණක් ඔවුන් වෙනස් කල හැකිය. එසේ බෑ යයි යමෙක් පවසන්නේ නම්,එසේ පවසන්නේ උගත් හෝ බුධ්ධිමත් උදවිය නොවේ. එසේම ලංකාවේ බන්ධනගාරවල පරිපාලනයෙන් විශාල වශයෙන් වාර්තා වන්නේ දුෂිත තොරතුරු පමණි. එය කෙතරම් දුෂිත ද යත් විවිධ වැරදි හේතුවෙන් හෝ පොලිසිය විසින් නිරපරාදේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන අහිංසක පුරවැසියන් ඉන් එලියට එන්නේ අපරාධකරුන් බවට පත් වී තව දුරටත් වැරදි කිරීමට අවශ්‍ය මාර්ග සකසාගෙනය.
“සිරකරුවෝද මනුෂ්‍යයෝය”, ලෙස බන්ධනාගාර ඉදිරිපස බිත්තිවල සදහන්ව තිබේ. මැගසින් බන්ධන්ගාරයේ ඉදිරිපිට තාප්පයේ එය විශාල අකුරෙන් මුර්ති කර තිබේ. ඔවුන්ද මිනිස්සුන් ලෙස දැකීමට බන්ධනාගාර නිලධාරීන් දැකිය යුතුය . ඒවා තාප්පයට පමණක් සිමා කිරීමෙන් නීති විද්‍යාව බලාපොරොත්තුවන සමාජ සාධාරණත්වය ඇති නොවේ. අප යම් මිනිසෙකු, තවත් මිනිසෙකු මරා දැමුවේ ඇයිද යන්න සොයා බැලුවහොත්, විවිධ හේතු ඉදිරිපත් විය හැකිය. සමහර විට අපරාධකරු විදින දඩුවම්ද අසාධාරණ බවටද උපකල්පන ඉදිරිපත් විය හැකිය. කෙසේ වෙතත් අපරාධයන්ට සහ දඩුවමට හේතුවන මුලධර්ම ගණනාවක් තිබේ.
එම මුලධර්මයන් සමග අපරාධකරු සමග සාකච්චාකරන විට ඔහු එසේ දඩුවම් විදීම අපරාධයක් බටද පෙනී යා හැකිය. නමුත් අධිකරණයට ඉදිරිපත්කරන සාක්ෂි මත දඩුවම් තීරණය වන නිසා අපට කිරීමට දෙයක් නැත. මෙවැනි ගැටළු දෙස බැලීමේදී “ සිර ගෙදර” වචනය දියුණු සමාජ තුලට නොගැලපෙන බව මානව හිතවාදීන් යෝජනා කර තිබේ. ඒ සැබෑ අපරාධකරුවන් දහස් ගණනාවක් සමාජය තුල නිදහසේ ගත කරන නමුත්, අහිංසක මිනිසුන් ද විශාල වශයෙන් සිරගතව සිටින බැවිනි. ඔවුන්ටද දයාව, අනුකම්පාව ලබිය යුතුය. එතුලින් අනාගත අපරාධ ගනනාවක්ම වලක්වා ගත හැකිය.
සිරගතකර සිටින පුද්ගලයන් හරහා අධ්‍යාපන හා ශ්‍රම බලකාය වර්ධනය කිරීම, රැකියා ඉලක්ක පුහුණු කිරීම්, ජිවන කුසලතා පුහුණු කිරීම්, පවුල් කළමනාකරණ දැනුම සදහා පන්ති, මානසික සංවර්ධන පන්ති, මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන් විනාශයන්, විවිධ ආගමික වැඩසටහන් දිනපතා පිළිවෙලකට පැවැත්වීම තුලින් ඔවුන් යහපත් මිනිසුන් ලෙස නිර්මාණය කල හැකිය. නමුත් ඒ සදහා දැනුම තිබෙන නිලධාරීන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල සිටින්නේද යන්න සහ ඒවා එලෙස සිදුවන්නේද යන්නද නොදනී. එවැනි දැක්මක් තිබෙන බන්ධනාගාර නිලධාරීන් අප රටේ සිටිනනමුත් ඔවුන් සිටින්නේ පාලක පන්තිය ලෙස, තීරණ ගත හැකි මට්ටමක නොවන බැවින් ඔවුන්ගේ සියලුම යහපත් දැකීම යටපත් වෙමින් තිබේ.
කෙසේ වුවත් විවිධ උපකරණ භාවිතා කර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින්, අපරාධ ඉතිහාසයක් ඇති අය සදහා ඵළදායි, නීතිගරුක අනාගතයක් සදහා වඩා හොදින් සන්නධව සිටින බව සහතික කිරීමට උපකාරීවන සංස්කෘතීන් නිර්මාණය කල හැකිය. සිරගතව සිටින අයට අර්ථවත් රැකියාවක් ලබා ගැනීමටත්, දඩුවම් ලබා ගැනීමෙන් පසු සැබෑ වඩා දැක්මක් ලබා ගැනීමටත්, අනාගතයේදී සාපාරධි හැසිරීම් වලින් වැලකි සිටීමටත් මෙම ක්‍රමයන් වලින් හැකි බවට අපට සහතික විය විය හැකිය. එය විද්‍යාත්මක සත්‍යයකි. බන්ධනාගාර තුල සැබෑ වැඩසටහන් ඇති කිරීමෙන් රටට ආරක්‍ෂිත ප්‍රජාවක් සහතික කිරීම, ආර්ථික වර්ධනය වැඩි කිරීම, ආදී බොහෝ දේ සිදුකල හැකිය. නමුත් අපට සිදුව ඇත්තේ, සිරකරුවන්ට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුනරුත්තාපනය කිරීමයි. එපමනක් නොව, යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්බන්ධව බොහෝ රාජ්‍ය නිලධාරීන්ද, එම සමහර ආයතන ද පුනරුත්තාපනය කිරීමට සිදුව තිබෙන බව අමුතුවෙන් පහැදිලි කල යුතු නොවේ. ඔවුන්ගෙන් බහුතරයක් දෙන පුනරුත්තාපනය නොකර සිරකරුවන් පුනරුත්තාපනය කල නොහැක.
එබැවින් සිරගතව පැමිණෙන පුද්ගලයව දෙස අනුකම්පාවෙන් බැලීමට, අපට සැබෑ වගකීමක් තිබේ. අද බැණුම් අහන පොලිස්, බන්ධනගාර නිලධාරින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් පවා හෙට සිරගත කල හොත් අප එදිනට ඔවුන්ට ද අනුකම්පා කල යුතුය. ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීම සදහා උදව් කිරීමද අපගේ වගකීමකි. එසේ වුවත් නිසි ලෙස පුනරුත්ථාපනය නොවන ඔවුන් දෙස සැකසහිතව බැලීමද නැවැත්විය නොහැක. කෙසේ වුවත් මරණීය දණ්ඩනයට ලක්ව සිටින පුද්ගලයන් පවා නිසි ලෙස පුනරුත්තාපනය කර ඔවුන්ටද නිදහස ලබා දිය යුතු බවද මෙම නීති පාඩම් ඔබට ඉදිරිපත්කරනා මගේ අදහසයි.
එයටද හේතු විශාල ප්‍රමාණයක් ඉදිරිපත්කල හැකිය. කෙසේ නමුත් අපගේ ඉදිරිපාඩම් සියල්ලම සමාජ විද්‍යාව සමග ගලපා තිබේ. එහිදී නීතිය සමග සමාජය සංවර්ධනය කල් යුතු ආකාරයද අප ඔබට මනාව පැහැදිලි කිරිමට නියමිතව තිබේ
( පාඩම් අංක 11 – ඊ ලඟ පාඩම – අධිකරණ කටයුතුවලට අවශ්‍ය සාක්ෂි නිතිය)
(මෙම පාඩමට අදාළ වීඩියෝව පහතින් බලන්න)
ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.
Excerpt prohibited. Posting without permission in other places is prohibited. Registered under Intellectual Property.