නීතිය ඉගෙන ගනිමු – පාඩම් අංක 06 –  යුක්තිය පසිඳලීම – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (I)

යුක්තිය පසිඳලීම

පාඩම් අංක 06

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය

The constitutional Law

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු යම් රටක ව්‍යවස්ථාවන්හි කැටයම් කර තිබෙන සියලුම වැසියන්ට අයත් අයිතිවාසිකම්ය. එය රටේ සියලු වැසියන්ට නොහොත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පවා හිමිය. හොඳ නීති පද්ධතියක් තිබෙන ඕනෑම රටක සමස්ත නීති පද්ධතියම සැකසී තිබෙන්නේ මෙම ආණ්ඩුක්‍රම නීතියට අනුකූලවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වැසියන්ට ලබා දී තිබෙන අයිතිවාසිකම්වලට හානි සිදුවන ආකාරයේ අණ පනත්, නීති රේගුලාශි පැනවිය නොහැක. පාර්ලිමේන්තුව මගින් පමණක් නොව ආයතනික මට්ටමින් පනවන නීති පවා පැනවිය යුත්තේ ආණ්ඩුක්‍රම නීතියට පටහැනි නොවන ලෙසය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍යයක් සහ එරට නීතිය පාලනය වන මූලික මුලධර්මයන සැකසීම සහ රාජ්‍ය තුල තිබෙන විවිධ ශාඛා නොහොත් ආයතන මෙන්ම පුද්ගලයන් අතර තිබෙන සම්බන්ධතාවය පෙන්වා දෙයි. එය තව දුරටත් විග්‍රහ කරන්නේ නම් විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය ( ශ්‍රී ලංකාව තුල විධායකය යනු ජානාධිපති ඇතුළු රාජ්‍ය සේවයද, ව්‍යවස්ථාදායකය යනු පාර්ලිමේන්තුවද වන අතර අධිකරණය යනු කවුරුත් දනී. මේ පිලිබදව දීර්ඝ ඉගැන්වීම් ඉදිරියේදී පිළිවෙලට ඔබ වෙත උගන්වනු ඇත) පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම එක්සත් ජනපදය හා කැනඩාව වැනි ෆෙඩරල් රටවල මධ්‍යම රජය සහ ප්‍රාන්ත, පළාත් හෝ භෞමික ආණ්ඩු අතර සම්බන්ධතාවයද මේ මගින් පෙන්වා දෙයි. ( කෙසේ වෙතත් මේවා පිලිබදව ඉදිරි පාඩම්වලදී සවිස්තරාත්මකව උදාහරණ සහිතව ඉදිරිපත් කරන බැවින් කිසිදු ව්‍යාකූලත්වයක් ඇති නොවන ලෙස සාමන්‍ය ආකාරයෙන් සිතීම ප්‍රමාණවත් වේ.)

සෑම ජාතික රාජ්‍යකටම ව්‍යවස්ථාවක් පනවා නොතිබිය හැකිය. නමුත් ඒවායේ දේශීය නීති ඇති අතර ඒවා විවිධාකාර අත්‍යාවශ්‍ය සහ සම්මුති රීති වලින් සමන්විත වියහැකිය. චාරිත්‍රානුකූල නීතිය, සම්මුතීන්, ව්‍යවස්ථා නීතිය, විනිශ්චයකාරවරුන් විසින් සාදන ලද නීතිය හෝ ජාත්‍යන්තර නීති සහ සම්මතයන් මේවාට ඇතුලත්ව තිබිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මගින් රජය සිය බලය පාවිච්චි කරන මූලික මූලධර්ම සමග කටයුතු කරන අතර සමහර අවස්ථාවලදී, මෙම මූලධර්ම මගින් ජනගහනයේ සුභසාධනය සඳහා බදු සහ වියදම් කිරීමේ බලය වැනි නිශ්චිත බලතල රජයට ලබා දේ. තවත් අවස්ථාවලදී ප්‍රාණවත් හේතුවක් නොමැතිව පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම තහනම් කිරීම වැනි රජයට කල හැකි දේට සීමාවන් පැනවීමට ව්‍යවස්ථාමය මූලධර්ම ක්‍රියාකරයි.

කෙසේ වෙතත් අප මේ දිනවල ඔබට ඉදිරිපත් කරන්නේ නීතිය ඉගෙන ගැනීමට අවශ්‍ය සාමන්‍ය දැනුම ලබා දීම පමණි. මේ සාමන්‍ය පාඩම් මාලාව නොමැතිව ඔබට නිසි ලෙස නීතිය ඉගෙන ගැනීමට දැඩි බාධා ඇති කරනු ඇත. එබැවින් ඔබ දැනට මේ පාඩම්වලින් ලබා දෙන කරුණු පමණක් දැනගෙන සිටීම ප්‍රමාණවත්ය. අද ඉදිරිපත් කල පාඩමෙන් ඔබට ඉගෙන ගැනීමට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉහලින්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම නීතිය බවත්, එම නීතියේ අපට , ඔබට තිබෙන අයිතිවාසිකම් කඩ කිරීමට කිසිවෙකුටත් නොහැකි බව පමණක් මතකයේ තබා ගැනීම ප්‍රාමානවත් වේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව එසේ පැවත එන සමස්ත නීති පද්ධතියම තවත් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ අපරාධ නීතිය සහ සිවිල් නීතිය වේ. ඒ පිලිබඳව මෙන්ම ආණ්ඩුක්‍රම නීතිය සමග එම නීතීන් දෙක බැදී තිබෙන ආකාරය ඊ ලග පාඩම් දෙකෙන් බලාපොරොත්තුවන්න. (මෙම පාඩමට අදාළ වීඩියෝව පහතින් බලන්න)

ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.   

Excerpt prohibited. Posting without permission in other places is prohibited. Registered under Intellectual Property.

Exit mobile version