සිරිත් සමග බැදී නීතිය
අප මීට පෙර පාඩමින් ඉගෙන ගත්තේ මානව ශිෂ්ඨාචාර නීතිය සමග බැදී තිබුණු අයුරුයි. අද පාඩමින් ඉගෙන ගන්න යන්නේ “සිරිත්” නීතියක් වන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. යම් මිනිස් ප්‍රජාවක් පවත්වාගෙන යන “ සිරිත්” නීතියක් වශයෙන් නූතන අධිකරණ වලදී පිළිගනි. කාලයක් පුරා පවතින සිරිත් පසු කාලීනව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව වර්තමානයට ඔබින ලෙස සම්මත කරනු ලබයි. පාර්ලිමේන්තුවක් තුලින් හෝ යම් මණ්ඩලයකින් සම්මත නොවූ ප්‍රජාවන් පවත්වාගෙන සිරිතක් වුවද අධිකරණය පිළිගන්නා නමුත් එය නියමිත ක්‍රමවේදයන් වලට අනුව ඉදිරිපත් කල යුතුය. එසේ නොමැතිව අපේ සිරිත තමයි ඒක, අපි කරගෙන ගියේ ඒ විදියට ආදී වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පලක් නැත.
සත්ව රාජධානියේ අනෙක් සාමාජිකයන්ගෙන් මිනිසුන්ව වෙන් කරන ප්‍රධාන දෙයක් වනුයේ රූපලාවන්‍ය චාරිත්‍රවල සිට ලිංගික හුරුපුරුදු දක්වා සියලු දේ වටා සිරිත්, විරිත් සහ සම්ප්‍රධායන් වර්ධනය කර ගැනීමය. මිනිසුන් මෙසේ ජීවත් වීමට කෙතරම් ප්‍රියකරන්නේද යත්, ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම ලෝකය විවිධ සංස්කෘතීන් දහස් ගණනකින් පොහොසත් වි තිබේ. ඕනෑම සංස්කෘතියක එක් වැදගත් අංගයක් වන්නේ එහි ආචාර ධර්ම පද්ධතියයි.
දහස් ගණන් සංස්කෘතීන්ගෙන් යුත් සමාජ සම්බන්ධතා මත ඒකරාශි වූ මිනිස් සංහතිය තුල පවුල, ගෝත්‍රය, කණ්ඩායම , ගම , නගරය,රට, රාජ්‍ය දක්වා ක්‍රමික විකාශනයකට ලක්ව පුළුල් සමාජ සංස්ථා බවට පත් වී ඇත. වර්තමානය තුල එය තව තවත් පුළුල් වෙමින් පවතී.
වසර 400 කටත් වඩා වැඩි විදේශීය ආක්‍රමණවලින් පසුවද නැගෙනහිර ටිමෝරයේ සිරිත් හ සිරිත් , විරිත් හා සම්ප්‍රධායන් වලට තවමත් විචිත්‍රව ඔරොත්තු දීමේ හැකියාව ඇත. මුතුන් මිත්තන් මත පදනම් වූ සම්භවයන් ඇති කණ්ඩායම් එහි සමාජ ව්‍යුහයේ පදනම වන අතර , එහි උපස්ථායක තුල චාරිත්‍රානුකූල පක්ෂපාතීත්වයක් සහ පරප්ස්පර බැදීම් ඇත. එවැනි සම්ප්‍රධායන් නැගෙනහිර ටිමෝරයේ දේශපාලනය තුල ඉතාම ඉහලින් පිළිඹිබු වේ. ආදිකල්පිත මිනිසුන් විසින් විවිධ අයුරින් තම ගෝත්‍රික පැවත්මන් වෙනුවෙන් ගොඩ නගන ලද සමාජ ශිෂ්ඨාචාරයන් වරින් වර වෙනස් වෙමින් වර්තමානය දක්වා පැමිණියා සේම තවත් අවුරුදු දහස් ගණනක් ඉදිරියට ගමන් කරනු ඇත. නීතියද එලෙසින්ම වෙනස් වෙනස් වෙමින් වවිධ ස්වරූප ගනිමින් ඉදිරියට යන අතර අද පවතින නීතිය මෙන්ම වෙනත් ශාස්ත්‍ර , විද්‍යාවන් පිලිබදව අධ්‍යනයන්ද ඒ සමගම වෙනස් වීම් වලට භාජනය වන බවද මානව වටහා ගත යුතුය.
අද වන විට මෙම මිනිස් ජාලය ගම, රට, රාජ්‍ය යන සංකල්පයන්ගෙන් ඔබ්බට ගොස් , එම සීමා බන්ධන බිද දමමින් ගොස් ලෝකයම එකම ගම්මානයක් බවට පත් වෙමින් තිබේ. එම සාමුහිකත්වය ගොඩ නැගෙමින් පවතින මෙම විශ්ව ගම්මාන සංකල්පය සමග , සමාජයද විශාල පෙරළියකට පත් වෙමින් තිබේ. ඒ සමගම සියල්ලම විප්ලවීය ලෙස වෙනස් වෙමින් තිබේ. රටේ නීතිය වෙනුවට රාජ්‍යයේ නීතිය වෙනුවට ලෝකයම එකට එක්ව කටයුතු කල යුතු නීතින් වලින් අප අත්වැල් බැෙඳමින් සිටිති.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාතීන් එක්ව ගොඩනගාගත් ප්‍රධාන සම්මුතිය වන එක්ෂත් ජාතීන්ගේ සංවිධානය , එලෙස ගොඩ නැගුනු විශ්වීය සංවිධානයකි. එම සංවිධානය තුල විවිධ අඩු පාඩු තිබුනද 20 වන සියවසේ සිට මේ දක්වා ඉතාම ශක්තිමත්ව , අඛණ්ඩව පවත්වා ගනිමින් විශිෂ්ඨ ප්‍රතිපල අත්කරගෙන අත්කරගෙන තිබේ. මේ වන විට එහි සාමාජික රටවල් සියල්ලම අනෙකුත් ජාතීන් සමග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙමින් ඒ ඒ රාජ්‍යන් අතර පෞද්ගලික ප්‍රශ්න මෙන්ම පොදු ප්‍රශ්නද , ඒ ඒ නීතින් පිලිගනිමින්ද , සම්ප්‍රධායන්, පිළිගැනීම් , සම්මුතීන් සහ ගිවිසුම් මත අන්තර්ජාතික සබඳතාවන් ගොඩ නගාගෙන ඇත. මේ මත සමස්ත ලෝක ජනතාවම එකිනෙක බැදෙමින් තිබෙන අතර මෙය ආදීවාසී ගෝත්‍රික ජනතාව පවුලක් මුල් කරගෙන ගොඩ නගාගත් ගම පිලිබද සංකල්පය මුළු විශ්වයම එකට එක්ව සාමුහිකව පවත්වාගෙන යාම සදහා කරනු ලබන ප්‍රයත්නයකි. මේ සියල්ලම එකට බදාගෙන එකම උපදෙශකට අනුව ක්‍රියාත්මක වන බව කොරෝනා වසංගතය තුලින් මනාව පිලිඹිබු වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන උපදේශ වලට අනුව යමින් කොරෝනා රෝගය ලෝකයෙන් තුරන් කරවීමට කටුතු කිරීම තුලින්ම මෙම විශ්ව ගම්මාන සංකල්පය අපට හදුනා ගත හැකිය.
ඉංග්‍රීසි පරිවර්තනය මෙතනිනේ ගන්න. https://www.ravanalankanews.lk/2021/11/01/lets-learn-the-law-lesson-no-02/