පසු ගිය 11වන දින දික්ඔය ඇල මාර්ගයට පැන මිය ගිය පුද්ගලයාට යම් කිසි පිරිසක් විසින් නිරුවත් කර පහර දීමක් හේතුවෙන් ලැජ්ජාවට පත්ව ඇල මාර්ගයට පැන ඇති බවත් එම පුද්ගලයාට පහරදුන් පිරිස අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් මිය ගිය අයගේ ඥාතින් හා ප්‍රදේශවාසින් 14වන දින මළ සිරුර මාර්ගයේ තබා උද්ඝෝෂණය කරන ලදි.
පසු ගිය 11වන දින සවස ඔස්බෝන් ප්‍රදේශයේ අවුරුදු 27ක් වයසැති එක් දරු පියකු වන චන්ද්‍රසේකරන් සුරේෂ් කුමාර් යන අය කාසල්රි ජලාශයට ජලය ගලා යන දික්ඔය වනරාජ ඇල මාර්ගයට පැන අතුරු දහන් විය.
පසුව 12වන දින එම පුද්ගලයාගේ මළ සිරුර එම ඇල මාර්ගයේ තිබී සොයාගත් අතර එම මල සිරුර 14වන දින මිහිදන් කිරිමට පියවර ගෙන තිබුණි.
එම මළ සිරුර මිහිදන් කිරීමට රැගෙන යන අවස්ථාවේදි මිය ගිය අයගේ ඥාතින් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් එම මළ සිරුර හැටන් නොර්ටන් මාර්ගයේ ඔස්බෝන් ප්‍රදේශයේ මාර්ගයේ තබා ගෙන විනාඩි 30ක පමන කාලයක් උද්ඝෝෂණයක් පවත්වන ලදී.
එහිදී මෙම උද්ඝෝෂකයන් පවසනුයේ මෙම පුද්ගලයාට 11වන දින සවස යම් පිරිසක් විසින් නිරුවත් කර පහර දීමක් සිදුකර ඇති බවත් එසේ පහර දීමට එරෙහිව මේ වන තෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවත්ය.
මෙම පුද්ගලයා විසින් යම් වරදක් කලද එම වරදට දඬුවම් දිමට කිසිදු පිරිසකට නොහැකි බවත් මෙසේ නිීතිය අතට ගෙන මෙම පුද්ගලයාට පහර දුන් පිරිස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිීමට පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම පුද්ගලයාට නිරුවත් කර පහර දිීමෙන් පසු ත්‍රිරෝද රථයක නංවා ඔස්බෝන් ප්‍රදේශයට එවන අවස්ථාවේදිී අධික ලැජ්ජාවට පත්ව මෙම පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් පැන දික්ඔය වනරාජ ඇල මාර්ගයට පැනිීමෙන් මිය ගොස් ඇති බවත් මෙම පුද්ගලයාට පහර දුන් සියලුම දෙනාට එරෙහිව නිීතිය ක්‍රියාත්මක කල යුතු බවද එම උද්ඝෝෂකයන් වැඩි දුරටත් පවසති.
මෙම පිරිස එම උද්ඝෝෂණයෙන් පසු මළ සිරුර ඔස්බෝන් පොදු සුසාන භුමියේ මිහිදන් කිරිමට පියවර ගන්නා ලදිී.