නීතිය – පාඩම් අංක 07 – සිවිල් වරද සහ නීතිය – The Civil Law (වීඩියෝ)

සිවිල් වරද යනු කුමක්ද? සිවිල් වරද යනු ඉතාම සරලව කියතහොත්, එක ආයතනයක් හා තවත් ආයතනයක් අතර ආරවුලක්ය (ආයතන දෙකක්). තව දුරටත් සදහන් කරන්නේ නම් යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් වෙත හෝ පුද්ගල කණ්ඩායමක් තවත් පුද්ගල කණ්ඩායමක් වෙත කරනු ලබන වරදකි (පුද්ගලයන් පුද්ගලයන් අතර කණ්ඩායම් කණ්ඩායම් අතර). තවදුරටත් පැහැදිලි කරන්නේ නම් සමාජය තුල සිටින දෙපාර්ශවයක් අතර ඇති වන අවුලක්ය. තවත් විග්‍රහ කරන්නේ නම්, එය පුද්ගලිකය. මෙම සිවිල් වරද සදහා වන මාර්ගෝපදේශ සිවිල් නඩු විභාග සංග්‍රහය තුලින් අනාවරණය වන අතර ඒ පිලිබඳව මනාව පැහැදිලිව එම නඩු විධාන සංග්‍රහය තුල  පෙන්වා ඇත.

එසේ සිදුවන අලාභය අයිතිවාසිකම සිදු කරන ලබන පාර්ශවයයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එම සිදු වූ පාඩුව අයිතිවාසිකම් නැවත ලබා ගැනීමට හානියට පත් පාර්ශවය අධිකරණය වෙත් පැමිණීම සිවිල් නඩුවක සාමාන්‍ය ස්වරූපයයි. එසේ අධිකරණය තුල නඩු පැවරීම සිවිල් නඩු විභාග සංග්‍රහ පනතට අනුව විය යුතුය. නඩුවේ ආරම්භක පාර්ශවය පැමිණිලිකරු ලෙස (PLAINTIFF) හදුන්වනු ලබන අතර වරද කරනු ලබන පුද්ගලයා විත්තිකාර පාර්ශවය (ACCUSED) ලෙස හෝ වග උත්තර කරු ලෙස හදුන්වයි.

පැමිණිලි කරු විසින් පැමිණිල්ල උසාවියට ඉදිරිපත් කල පසු වගඋත්තර කරු විසින් එයට පිළිතුරු ලබා දිය යුතුයි. ඉන් පසු සිවිල් නඩු විධානයට අනුව පෙන්වාදී ඇති පියවරයන් ඔස්සේ නඩුව විභාගයට ගන්නා විනිසුරුවරයා දෙපාර්ශවයටම කන්දී හඹය විනිශ්චය කරයි. ඉන් පසු සිදුව ඇති හානියේ ප්‍රමාණයට අනුව හානියට පත් පාර්ශවයට හානි පුර්නයක් සලසා දෙයි. මෙහිදී දෙපාර්ශවයම ඉදිරිපත් කරනු ලබන කරුණු තරාදියක දමා කිරා බලන්නාක්මෙන් ක්‍රියාවලියක් සිදු වෙයි. හබයට අදාළ කරුණු වලට ගැලපෙන පිළිගත් කරුණු ගෙන එම කරුණු වලින් වැඩියෙන් බරවන පැත්තට වාසි සැලසේ. මෙම ක්‍රමයට කියනු ලබන්නේ සත්‍යතා වැඩිබර සාක්ෂි විමසීමේ ක්‍රමය (BALANCE OF PROBABILITY) ලෙස හදුන් වයි. නමුත් අපරාධ නදුවකදී සාමාන්‍ය සිවිල් නඩුවකදී මෙන් නොව එම සීමාවෙන් ඔබ්බට සිතිය යුතුය. අපරාද නඩු වලදී සාක්ෂි ලබාගනු ලබන්නේ ප්‍රබල ක්‍රමයකටය. අපරාධ නඩුවලදී සාධාරණ සැකයෙන් තොරව (BEYOND REASANABLE DOUBT) නමැති සාක්ෂි ක්‍රමය භාවිතා කරයි.

කෙසේ උවද සිවිල් නඩුවකදී වැඩි බර සහිත සාක්ෂි ඉදිරිපත් කිරීම තුලින් තම වාසියට නඩුව හරවා ගත හැකිය. සිවිල් වැරදි වලට අදාළ නඩු වලදී ඉහත          සීමිත අවස්තාවලදී ඉතාම කලාතුරකින් සිර දඩුවම් නියම කල හැකි වරද කාරී තත්වයක් ඉස්මතු විය හැකි නමුත් පොදුවේ ගත් කල ඒවාට සිර දඩුවම් ලබාදීමක් නොකරන නමුත් හානිය සිදුවූ පාර්ශවයට වන වන්දිගේවීම් සිදුවේ. එහිදී සිදුවන්නේ හානිය සිදුකල පාර්ශවය හානියට භාජනය වූ පාර්ශවයට හානියේ ප්‍රමාණය යතා තත්වයට පත් කිරීමයි.

සිවිල් නඩු විභාග සංග්‍රහයට ගැනෙන මෙම සිවිල් නඩු විභාග වනුයේ දිසා අධිකරණය නමැති උසාවියකදීය. ඉඩ කඩම් පිළිබඳ නඩු, ගිවිසුම් නඩු, උරුම ඇතුළු වන්දි ඉල්ලීම් නඩු නොහොත් පුද්ගලික ජීවිතයට සම්බන්ධ වැරදි ක්‍රියාවන්ට අයත් නඩු මෙසේ සිවිල් වැරදි ගණයට ගැනේ. මේ පිලිබදව ඉතාම ගැබුරින් අප ඉදිරියේදී ඔබට උගන්වනවා . දැනට මේ ගැන සරල දැනුමක් සෑහේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව එසේ පැවත එන සමස්ත නීති පද්ධතියම තවත් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ අපරාධ නීතිය සහ සිවිල් නීතිය වේ. ඒ පිලිබඳව මෙන්ම ආණ්ඩුක්‍රම නීතිය සමග එම නීතීන් දෙක බැදී තිබෙන ආකාරය ඊ ලග පාඩම් දෙකෙන් බලාපොරොත්තුවන්න. (මෙම පාඩමට අදාළ වීඩියෝව පහතින් බලන්න)

ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.   

Excerpt prohibited. Posting without permission in other places is prohibited. Registered under Intellectual Property.

Exit mobile version