නීතිවිරෝධිව වාහන අමතර කොටස් වෙනුවෙන් රේගුව ගත් පියවර.

ඔරුගොඩවත්ත රෙගු බහාලුම් පර්යන්තයේදී අද (20) දින නීතිවිරෝධී ලෙස ලංකාවට ගෙන්වන ලද වාහන අමතර කොටස් තොගයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් විනාශ කල බවයි වාර්තා වන්නේ.

එම වාහන කොටස් පසුගිය වසර පහක කාලය තුල ලංකාවට ගෙන්වන ලද ඒවා බවත් එම අමතර කොටස් භාවිතයෙන් ප්‍රමිතියෙන් තොර වාහන ඇතිවන බැවින් එම කොටස් විනාශ කල බවයි සදහන් වන්නේ.

ඒ පිලිබදව අදහස් දක්වමින්  රේගු අධ්‍යක්ෂ ආදායම් (අධීක්ෂණ බලකාය) ඩී.බී.එන්.සමරතුංග මහතා

“අපි මෙතනදි අපේක්ෂිත ප්‍රධාන අරමුණ කිහිපයක් තියෙනවා. පළමු එක තමයි මහජන තාව වෙනුවෙන් ආරක්ෂාව සැලසීම, දෙවැනි කාරණය වශයෙන් අපේ ගබඩා හිස්කර ගැනීම ඉන් ලැබෙන සියලු ආදායම රාජ්‍ය ආදායමට බැර කිරීම ප්‍රයෝජනයට ගත හැකි සියලුම කොටස් අපි ගලවා වෙන්කෙරුවා. ඒවා අපි ටෙන්ඩර් සේල් එකේ විකුණනවා. ඒ ආදායමත් අපි රාජ්‍ය ආදායමට බැර කරනවා. මෙවැනි දේවල් ගෙන්වුවොත් කිසිම ලෙසකින් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරන්නේ නැහැ.” යනුවෙන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version