මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට භාණ්ඩ නිෂ්කාසන අංශයේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් සකසන ලද ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් වන අතර පසුව රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් පිටවීමේ දොරටුවේ දී මෙම භාණ්ඩ තොගය පාරීක්ෂා කර තිබේ.
මෙම වැටලීමෙන් පසු අනාවරණය වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත් ය. ඔක්සිමීටර් තොගයක් නීතිවිරෝධීව ගෙන්වීමේදී රේගුවට හසුවෙයි
අදාළ භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේ දී එහි තිබී පෙට්ටි 21ක අසුරන ලද ඔක්සිමීටර් 4,200 ක තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙත ඇති අතර එම තොගයේ වටිනාකම රු.2,344,642කි.
වැඩිදුර විමර්ශන කටයුතු රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදුකරන අතර සැකකරු ඊයේ (07) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.