විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී අයුරින් ගබඩා කර තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.
ඊයේ (09) දිනයේ විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් මත මීරිගම ස්ථාන දෙකක බලපත්‍ර රහිතව ,නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබිය දී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් පුපුරණ ද්‍රව්‍ය අතර, ග්‍රෑම් 130කට ආසන්න වොටර් ජෙල් කූරු 81ක්, ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑම් 75ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107ක් හා සේවා නූල් මීටර් 360ක් ද තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මීරිගම පොලිසිය සිදුකරයි.