නීතිවේදය මුල සිටම. නොදැන බලු නොවී දැනගෙන සිංහයෙක් වෙමු. (VIDEO)

නීතිය ඉගෙන ගමු

පාඩම් අංක 05

ඉංග්‍රීසි නීතිය

English Law

ඉංග්‍රිසි නීති පද්ධතියට පදනම් වී ඇත්තේ එක්ෂත් රාජධානියේ වසර 900 කට අධික නීති භාවිතයේ විශාල පදනමක් මතය. මෙයින් අප අදහස් කල යුත්තේ නීති රීති සහ ප්‍රයෝගිකව සිදුවන ක්‍රියාකාරකම් සහිත රීතිය විශාල වෙනස්කම් රාශියක් පසුකර තිබෙන බවයි. ක්‍රි ව 1066 සිටි පළමුවන විලියම් රජුගේ පාලන සමයේදී ඇන්ග්ලෝ සැක්සන්වරුන්ට පවත්නා නීතීන් අනුගමණය කිරීමට නිදහස තිබුණි.  හෙන්රි රජුගේ පාලන සමයේදී, එනම් ක්‍රි ව 1200 වන තෙක්ම පොදු නීතියේ මධ්‍යගත ක්‍රමයක් ස්ථාපිත විය. වර්තමානයේ පවතින “ පොදු නීතිය” බොහෝ දුරට මේ හා සමාන වේ. සියවස් ගනනාවක් පුරා එකම ආකාරයෙන් නොකැඩි ක්‍රියාත්මකව භාවිතා කරන, නීතියේ අඛණ්ඩ පැවැත්ම නිසා එක්ෂත් රාජධානියේ නීතිය එහි ශක්තිමත් බව සහ වටිනාකම ඉහලින්ම පවතී.

ඉංග්‍රීසි නීතිය රෝම නීතිය තරම්ම පැරණි නැති වුවත් ඉංග්‍රීසි නීතිය යනු ලොව ඇති අද්විතීය නීති පද්ධතියකි. මධ්‍යතන යුගයේත් , පුනරුධ යුගයේත් යුරෝපයේ අනෙකුත් රටවල් රෝම නීතිය ප්‍රධාන කොටගෙන ඔවුන්ගේ නීති පද්ධතිය සකසා ගත් අතර නීතිය හැදෑරීමේ කටයුතු සදහාත් රෝම නීතිය භාවිතයට ගනු ලැබීය. රෝම නීතිය එසේ ප්‍රචලිත වන විට ප්‍රංශය සහ එංගලන්තය වැනි රටවල ඔවුන් විසින්ම සකසා ගත නීතියේ තවත් අද්විතීය ගමනක් ආරම්භ කොට තිබු හෙයින් රෝම නීතිය ඒ අයුරින්ම භාවිතා කිරීමට එංගලන්තය වැනි රටවල් වලට අවශ්‍යතාවයක් නොතිබුනත් රෝම නීතියේ අභාෂය යන්තමින් එංගලන්තය ලබාගෙන තිබුණි. ස්කොට්ලන්ත නීතියද එංගලන්ත නීතියේ කොටසක් වූ අතර එංගලන්ත නීතියේ ආරම්භක මුලාශ්‍ර වී ඇත්තේ ද සිරිත්ය. එංගලන්තයේ මුල් පදිංචිකරුවන් වී ඇත්තේ  දකුණු අප්‍රිකානු , ප්‍රංශ සහ ඇමෙරිකානු සම්භවයක් ඇති පුද්ගලයන් වූ බැවින් එම ගෝත්‍රික සිරිත්ද ඉංග්‍රීසි නීතියේ මුලාශ්‍ර විය. ඊට අමතරව යටත් විජිත රාජ්‍ය වල ක්‍රියාත්මක වූ සිරිත් විරිත්ද දකුණු අප්‍රිකානු සිරිත් සහ නෛතික සංකල්පද ඉංග්‍රීසි නීතියේ මුලාශ්‍ර බවට පත්ව ඇත. ඉංග්‍රීසි නීතියේ විධිමත් මූලාශ්‍ර ලෙස ව්‍යවස්ථාවන්, අධිකරණ පූර්ව නිදර්ශන සහ සිරිත් මෙන්ම එංගලන්ත පොදු නීතිය තුලින් දිග හැරෙන සාධාරනත්ව නීති හදුන්වා දිය හැකිය.

එංගලන්ත පොදු නීතිය මගින් සහ චාන්සරි උසාවි මගින් දිග හැරෙන මෙම “සාධාරණත්ව නීති” ඉතා වැදගත් නීති මූලාශ්‍රයකි. යුක්තිය සහ සාධාරණත්වය යුක්තිය පසිඳලිමේදී ප්‍රධාන වශයෙන්ම සලකා බැලීම චාන්සලර්වරුන් විසින් සිදුකරනු ලබයි. රෝම නිතිය සහ එංගලන්ත නිතිය දෙස බලන විට රෝම නීතියේදී  සදහන් වන “ රෝම ප්‍රයිටර්වරයාගේ තනතුරට” සමානකමක් මෙම ඉංග්‍රීසි නීතියේ කියවෙන “චාන්සලර්“ තනතුර තුල පවතී. චාන්සලර් වරුන් අලුත් නඩු තීන්දු දෙමින්, එම නඩු කටයුතුවලට අදාලවන ලෙස සිද්ධාන්ත උපයෝගී කරගනිමින්, සාධාරනත්වය ඉහලින්ම සලකා නඩු තීන්දු ලබා දී තිබේ. මේ හේතුවෙන් චාන්සලර් උසාවි හා පොදු නීති උසාවි අතර පරස්පරතා ද ඇතිව තිබෙන අතර එංගලන්ත පොදු නීතිය යනු රජුගේ නීතියයි. මෙම පොදු නිතිය සංවර්ධනය කිරීම සදහා විලියම් බ්ලැක්ස්ටන් වැනි නීතිවේදීන්ගේ කෘතින් බෙහෙවින් වැදගත් වි තිබේ. ඉංග්‍රීසි පොදු නීති උසාවි , නීතිමය තීන්දු , නීතිවේදීන්ගේ මත සහ පුර්වාදර්ශ ඇසුරුකොටගෙන තීන්දු ලබා දී තිබේ.

එංගලන්ත නිතිය මෙහෙයවූ රාජ්‍ය ප්‍රධානියා රජුය. නීතිය පුළුල් වී, යුක්තිය පසිඳලීමේ කටයුතු පුළුල්වීමත් සමග රජු විසින්  එම කටයුතු විනිසුරුවරුන්ට බර කර තිබේ. ඒ අනුව යුක්තිය පසිඳලීම සදහා රජු සතුව තිබු බලය ආයතන තුනකට පවර දෙනු ලැබීය. ඒවා නම්

  1. මුල්‍යාගාර අධිකරණ.
  2. සාමාන්‍ය ආයාචනා අධිකරණ.
  3. අභියාචනා අධිකරණ.

රජු සතුව තිබු බලය මෙලෙස බෙදා හරිම නිසා ඉංග්‍රීසි නිතිය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගන්නා ලදී. මෙය ඉංග්‍රීසි නීතියේ ඉතාම වැදගත්ම සංධිස්ථානයක් විය. මෙතුලින් ඉංග්‍රීසි නීතියේ ශක්තිමත් බව දක්නට ලැබෙන අතර නීති මූලයන් සහ අධිකරණ පද්ධතිය ද ශක්තිමත්ව ගලාගෙන ගොස් තිබේ.

නීතිය මුල සිටම සරලව ඉගෙන ගැනීම සදහා පෙර පාඩම් බලන්න.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි.

උපුටා ගැනීම තහනම්. වෙනත් ස්ථානයන් වල අවසරයකින් තොරව පල කිරීම තහනම් . බුද්ධිමය දේපල යටතේ ලියාපදිංචි කර ඇත.

Exit mobile version