කඩුවෙල ප්‍රදේශයේ නීතීඥවරයෙකු වංචනික ලෙස ඔප්පු සදා ඇති බවත්, එයට අදාළ විමර්ෂණ විධිමත් ලෙස සිදු නොවන බවත් රාවණා ලංකා පුවත් සේවයට වාර්තා විය. සියලු තොරතුරු අප සතුව පවතින අතර, පොලිස් විමර්ශන කඩිනම් වූ වහාම ඒ පිලිබදව රටට කියන්නට සහ පොලිස් විමර්ෂණ නිසි ලෙස සිදු නොවන්නේ නම්, ඒ පිලිබදව ද එළිදරව් කිරීමටද අපගේ විමර්ෂණයන් ඉදිරියෙන්ම තිබේ.
ශ්‍රී ලංකාද්වීපයේ ජනතාවගේ ප්‍රශ්න විසදන්නට සිටින නීතිවේදීන්ගේ මෙවැනි ක්‍රියාකාරකම් බහුලව සිදු වන අතර ඒවා ජනගත කිරීමක් හෝ , ඔවුන් සමග නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට නොහැකි නිසා මෙවැනි ප්‍රශ්න විශාල වශයෙන් සමාජ ගතව පමණක් තිබෙන අතර ඒවාට විරුද්දව හඩක් නැගීමට නොහැකි නිසා සිය ගණනක් මිනිසුන් නිහඩව සිටී. අපගේ ප්‍රධාන අරමුණ වන්නේද, ජනතා ප්‍රශ්න වලට අදාළ නිසි ක්‍රියාමාර්ග ඔස්සේ, ඔවුනට අවශ්‍ය විසදුම් ලබා ගැනීමට මග පෙන්වීම සහ ඒ වෙනුවෙන් ඔහුට හෝ ඇයට ශක්තියක් වෙමින් පෙනී සිටීමයි.