මැයි 9 වැනිදා සිද්ධියට සම්බන්ධ යයි පුග්ලයන 1708 ක් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
නමුත් මේ වන තෙක්ම සිද්ධියට සම්බන්ධ ප්රධාන පුද්ගලයන් නොහොත් ගාලු මුවදොර පිහිටි සාමකාමී උද්ඝෝෂණයට පහර දීමට ජනතාව උසි ගැන වූ පුද්ගලයන් තවමත් අත් අඩංගුවට ගෙන නැත. නමුත් නීතියට අනුව ඔවුන් සියලුම දෙනා අත් අඩංගුවට ගත යුතුව තිබේ. එසේම රට පුරා සිටින ප්රචණ්ඩව හදිරුනු පුද්ගලයන් එසේ හැසිරුනේ රට තුල පවතින ප්රශ්න සහ සාමකාමී පුද්ගලයන්ට පහර දීම හේතුවෙනි.
එසේ අත් අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් 751 දෙනෙකු තවමත් බන්ධනාගාරගත කර තිබෙන අතර 900 ක් පමණ නිදහස් කර තිබේ. එසේම වරින් වර පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් සිටිති.
නමුත් ප්රචන්ඩත්වය ඇති කල පුද්ගලයන් අත් අඩංගුවට නොගැනීම නිසා විවිධ ප්රදේශවලින් ජනතාව අත් අඩංගුවට ගත පොලිස් නිලධරීන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමට නීතීඥවරුන් සූදානමි වෙමින් සිටි.