නීති රකින අය නීති කඩකොට නීතියට කොටු වෙයි

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 10 යක  අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම ප්‍රකාශ කරන්නේ මෙම කොස්තාපල් වරයා අත්අඩංගුවට ගැනුලැබූවේ ඊයේ (17)දින ඉරණමඩු  කංකාණි ප්‍රදේශයේදී බවයි.

මෙම පොලිස් කොස්තාපල් වරයා විසින් නීතිවිරෝධී ලෙස ඉඩමක් පවරාගැනීමේ නඩුවක් සදහා සහයෝගය ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති අතර එම මුදල මෙම පොලිස් කොස්තාපල් වරයා ලබාගන්නා අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

Exit mobile version