මෙරටින් විදෙස් රටකට නීති විරෝධී ලෙස සංක්රමණය වීමට තැත් කළ පුද්ගලයන් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාව සදහන් කළේ මොවුන් තලෙයිමන්නාරම කුරුසපාඩු ප්රාදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ දී ඊයේ (16) රාත්රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය භාරයට ගත් බවයි.
මෙහිදී නාවික හමුදා භාරයට ගත් පිරිස අතර අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් සිව්දෙනකු, කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු සිව්දෙනෙකු මෙන්ම ඩිංගි යාත්රාවේ ක්රියාකරුවන් දෙදෙනාද ද ඇතුළුව පුද්ගලයන් 10 දෙනෙකු විය.
නාවික හමුදාව නිරන්තරයෙන් මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සදහා මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි මුර සංචාර සහ සෝදිසි කිරීම්වල යෙදේ.