නීති විරෝධී සොරකමට දඩ

හොරෙන් ගත් විදුලිය නිසා නීති විරෝධී ලෙස වෙනස් කරන ලද විදුලි මීටර සහ අනේතික මාර්ග වලින් විදුලිය ලබා ගැනීම හේතුවෙන් 2023 වසරේ පළමු මාස 8 තුළ මිලියන 80 වක පාඩුවක් සිදු වී ඇති බවත් ඇතැම් පුද්ගලයින් විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම මෙන්ම විදුලි මීටර විකෘති කිරීමට යොමුව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

වාර්තා වන ආකාරයට විදුලි සොරකම් කිරීමේ ප්‍රථිඵලයක් ලෙස මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් 79,074,856 ක පාඩුවක් මණ්ඩලය හට සිදුවී තිබේ.

මෙම කාලය තුළ මීටර විකෘති කිරීම් සම්බන්ධ වැටලීම් 1,041ක් සහ නීතිවිරෝධී ලෙස විදුලි රැහැන්වලින් විදුලිය ලබාගැනීමේ සිද්ධි සම්බන්ධ වැටලීම් 81ක් සිදු කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, මීටර විකෘති කිරීම හේතුවෙන් සිදු වූ පාඩුව රුපියල් 76,427,649ක් වූ අතර විදුලි රැහැන්වලින් සෘජුවම විදුලිය ලබාගනීම්වලින් සිදුවූ පාඩුව රු. 2,647,207කි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විදුලිබල මණ්ඩලය විසින් රුපියල් 3,695,50 දඩ මුදලක් අය කරගෙන තිබේ.

Exit mobile version