ඊයේ (04) දිනයේදී විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව යාපනේ පොලිස් වසමේ ස්ටැන්ලි පාර මාර්ගයේ දී සිදු කළ වැටලීමකදී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් 1,200 සන්තකයේ තබාගෙන සුඛෝපභෝගී රථයකින් ගමන් කරමින් සිටි කරෛයිනගර් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පුද්ගලයකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවට වාර්තා වේ.