නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඔහු එම තීරණය ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහුව තෝරා නොගන්නා බවට නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟය.
තමාව ටෙස්ට් තරගාවලිය සඳහා නම් නොකිරීම සම්බන්ධයෙන් වැග්නර්, පසුගිය සතියේ පුහුණුකරු ගැරී ස්ටෙඩ් සමඟ වාද කර ඇති බවට මාධ්‍ය වාර්තා පවසයි.
37 හැවිරිදි වැග්නර්, ටෙස්ට් තරග 64කට සහභාගී වී කඩුලු 260ක් දවා ගෙන තිබේ.