මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින වියළි කාගුණිය තත්වයන් මතවුවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත එම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කරලයිනා, කඩවල, දියගල, ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොමාර්සල්, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, නුවරඑළිය යන ප්‍රදේශයන් තුලද විටින් විට ඝන මීදුම් තත්වයන් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
මෙසේ පවතින ඝන මීදුම් තත්වයන් හේතුවෙන් බොහෝ අවස්ථාවලදි මාර්ගය නොපෙනි යන තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත එම ස්ථානවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් පිලිබදව දැඩි අවදානය යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.