නුවරඑළියේ “පෙයාර්ස් ” හරක්ට දෙයි. ගොවීන්ට ගැටළු. (වීඩියෝ සහිතයි )

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉතාම සීමිත ප්‍රදේශයක පමණක් වැවෙන පෙයාර්ස් වගා කරුවනට මෙවර තම නිෂ්පාදනයන් විකුණා ගැනීමට නොහැකිව තිබේ. ඔවුන් පවසන අන්දමට මේ වන විට නිෂ්පාදීත පෙයාර්ස් කොම්පෝස්ට් වලට සහ සතුනට අහාර පිණිස ලබා දී තිබෙනවා. එසේම එහි තිබෙන පෙයාර්ස් ගස් ද අවුරුදු 50 කට ආසන්නව තිබෙන බැවින් නුවරඑළියෙන් මෙම වගාවන් වඳ වී යා හැකි බවද සදහන් කරයි.

තවද, ඔවුන් රජයෙන් යම් අධාරයක් හෝ ලබා දී මෙම වටිනා, ශ්‍රී ලංකාවේ මෙම ප්‍රදේශයේ පමණක් වැවෙන පෙයාර්ස් වගාව ආරක්ෂා කර දෙන ලෙසද ඉල්ලා සිටි.

Pears from Ceylon that went to the cattle
Exit mobile version