ඊයේ (20) දිනයේදී 7 දෙනෙකුට මරු කැදවූ මාරක රිය අනතුරෙන් පසු එම මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව නැවතීමට නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරයා කටයුතු යොදා ඇත .
මීට පෙරත් එම මාර්ගයේ රිය අනතුරු ගණනාවක් වාර්තා වී හෙයින් මෙම ක්රියාමාර්ගය ගත් බව දිස්ත්රික් ලේකම්වරයා පවසා සිටියේය .
එමෙන්ම එම රිය අනතුරෙන් 14 හැවිරිදි මුස්ලිම් ජාතික පාසල් දරුවෙකුද මිය ගොස් ඇති බව වාර්තා වේ . ඔහුගේ අවසන් කටයුතු අද (21 ) පස්වරු 3.30 ට සිදු කිරීමට නියමිතව ඇත .