නුවරඑළිය – රදැල්ල  අතර බර වාහන ධාවනය තාවකාලිකව තහනම්.

ඊයේ (20)  දිනයේදී 7 දෙනෙකුට  මරු  කැදවූ  මාරක රිය අනතුරෙන් පසු එම මාර්ගයේ බර වාහන  ධාවනය තාවකාලිකව නැවතීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු යොදා ඇත .

මීට පෙරත් එම මාර්ගයේ රිය අනතුරු  ගණනාවක් වාර්තා වී හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේය .

එමෙන්ම එම රිය අනතුරෙන් 14 හැවිරිදි  මුස්ලිම් ජාතික පාසල් දරුවෙකුද මිය ගොස් ඇති බව වාර්තා වේ . ඔහුගේ අවසන් කටයුතු අද (21 ) පස්වරු 3.30 ට සිදු කිරීමට නියමිතව ඇත .

Exit mobile version