අද (08) සවස 3.30ට පමණ නුවරඑළිය – හැටන් ප්රධාන මාර්ගයේ නුවරඑළිය බ්ලැක්පූල් ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇත.
මේ වන විට එම ප්රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්රධාන මාර්ගයට පස් කන්දෙන් කොටසක් කඩා වැටී ඇති බවයි නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කරන්නේ.
එමෙන් ම මේ වන විට නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් කඩාවැටි තිබූ පස් ටිකෙන් ටික ඉවත් කර එක් මන්තීරුවක් විවෘත කර ඇති බවද එම මහතා සඳහන් කර ඇත.
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන්- නුවරඑළිය ප්රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේ දී සැලකිලිමත් වන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.