නුවර වැව නඩත්තු කටයුතුවලට මාසයක් අතුලත සැලසුම් දෙන්න – ආන්ඩුකාර තැන වේවැල අතට ගනී

මහනුවර නගරයේ සංවර්ධනය ව්‍යාපෘති රැසක් මග නැවතී ඇති බවද නුවර වැව නඩත්තු කටයුතු ක්‍රමවත් කිරීමට මාසයක කාලයක් තුල විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා නිළධාරින් හට උපදෙස් ලබා දුන්නේය .

ඒ නුවර වැව නඩත්තු කටයුතු විධිමත් කිරීමේ අරමුණින් එම නඩත්තු කමිටුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (21) රැස් වූ අවස්ථාවේදීය .

එහිදී සංචාරක ආකර්ශනය ඉතා ඉහල මට්ටමක පවතින සංස්කෘතිකමය අගනාකම් අති සුවිශේෂි ස්ථානයක් වන මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති නුවර වැවෙහි නඩත්තු කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත්, ඒ සදහා මහනුවර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලු සියලු ආයතන ඒකාබද්ධ වෙමින් විධිමත් සැලසුමක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය .

මාසයක කාලයක් තුල කඩිනම් මෙන්ම විධිමත් සැලසුමක් සකස් කරන ලෙස ද ඒ සදහා අවශ්‍ය සහාය පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ලබා ගැනීමට ද මෙහිදී තීරණය කෙරිණි .

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී දළදා මාලි‍ගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ රංජිත් බණඩාර, සහකාර ආණ්ඩුකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම සාකච්ඡාව සදහා එක් ව සිටියහ .

සරත් සමරනායක. Kandy prime news

Exit mobile version