“කදිරා” කියන නම ශ්‍රී ලාංකික ජනජීවිතය සමග බැදෙන්නේ දශක කිහිපයකට පමණ පෙර ගුවන් විදුලියෙන් අප රස විඳි “මුවන් පැලැස්ස” කතා මාලාවෙනි. ඉන් පසු විවිධ චරිතවලට එම නාමය පටබැඳිනි.
නූතනයට බිහිව තිබෙන “කදිරා” නමැති අපරාධකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩන්ගුවට ගෙන තිබේ. වාර්තාවන ආකාරයට ඔහු ඩුබායිහි මේ වන විට අත් අඩංගුවේ පසුවන හරක් කටා නොහොත් නඳුන් චින්තකගේ වෙඩික්කරුය.
ඊයේ (14) බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඔහු අත් අඩංගුවට ගෙන තිබෙන අතර විශේෂ කාර්ය බලකාය තවමත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් තිබෙන බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට දිගින් දිගටම අපරාධකරුවන් වැඩි වශයෙන් බිහි වෙමින් තිබේ. අපරාධකරුවන් බිහි වීම වැලැක්වීම සඳහා විද්‍යාත්මක හෝ ආගමික වශයෙන් ගත යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක්ම අරගෙන නැති බව දිගින් දිගටම අනාවරණය වෙමින් පවතී. පසු ගියදා නෙත් FM බැලුම්ගල මගින්ද ඒ පිලිබඳව දීර්ඝ අනාවරණයක් කරන ලදී.
එම වැඩසටහන පහතින් අහන්න.