නූලෙන් බේරුණු ජීවිත .

මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පෙරළී ගිය නමුත් මගී 30 දෙනකුගේ පමණ ජීවිත නූලෙන් බේරුණු බව වාර්තා වේ .

මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මෙම සුඛෝපභෝගි බස් රථය මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයෙදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදි එකවර මාර්ගයෙන් ඉවතට බස් රථය පෙරළි ගොස් තිබේ .

බස් රථය එක් පැත්තකට පෙරළී ගියද ඒ වන විට බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් 30 කට ආසන්න පිරිස මහත් වෙහෙසක් දරා බස් රථයෙන් පිටතට පැමිණි ඇති බව වාර්තා වේ .

Exit mobile version