කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ චීනයෙන් නොමිලේ ලැබෙන ඩීසල් ලීටර් මිලියන 698ක් අනිද්දා (9)දින සිට නොමිලේම ගොවීන්ට බෙදා දීමට නියමිත බවයි.
ගොවීන්ට අස්වනු නෙලීමට යන්ත්‍රෝපකරණ සදහා අවශ්‍ය ඉන්දන වෙනුවෙන් මෙම ඩීසල් බෙදා දෙනු ලබන බවයි වාර්තා වන්නේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබාදී ඇත්තේ හෙක්ටයාර් එකක් වගා කරන ගොවීන් සදහා මෙම ඩිසල් ලබා දෙන ලෙසයි.