නොරොච්චෝලේ නැවතත් “චොර” වීමේ අවදානමක

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සසංගමය පවසයි. එයට හේතුව අමතර කොටස්වල පවතින හිඟය බව ඔවුන් සඳහන් කරයි.

මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වුවත් අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් එය කිරීමට නොහැකි වී ඇති බවද ඔවුන් පවසයි.

විදේශ විනිමය අර්බුදය හමුවේ ඇමරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වූ බවද ඔවුන් පවසයි.

සියල්ලම විදේශිකව යැපෙන රටක් නිර්මානය කල ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයේ විදුලි මෆියාවන් පවා දිගින් දිගටම දිගටම වාර්තා වන අතර විදුලි මණ්ඩල සේවකයන්ගේ මාසික වැටුප ද අති විශාල වේ.

Exit mobile version