නොරොච්චෝලේ යන්ත්‍රයේ අධික රශ්නය අලුත්වැඩියාවට බාධා.

නොරොච්චෝලේ බලාගාරයේ ඇති තුන්වන ජනන යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් යන්ත්‍රය බිද වැටි ඇති අතර එය යළි ක්‍රියාත්මක කිරීම සදහා දින 12 ක පමණ කාලයක් ගත වන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම යන්ත්‍රයේ දැනට පවතින රශ්නය හේතුවෙන් අලුත්වැඩියා කිරීමට නොහැකි බව එහි සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version