නොරොච්චෝලේ යළි අක්‍රියවීමේ අවදානමක

අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා ප්‍රකාශ කරයි.

මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වුවත් අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් එය කිරීමට නොහැකි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම විදේශ විනිමය අර්බුදය හමුවේ ඇමරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ද එම මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version