පසුගිය නොවැම්බර් 05 වන දින අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි වැඩකරන පන්තියේ වෘත්තීය සමිති කිහිපයක් රැස්ව ඇත.
ඒ CMU මූලස්ථානයේ දී වන අතර එහි දී ඔවුන් නොවැම්බර් මස 09 වනදා ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
එදින පැවැත්වූ සාකච්ඡාව සඳහා වසන්ත සමරසිංහ, දුමින්ද නාගමුව, මහින්ද ජයසිංහ, ජොශප් ස්ටාලින් යන මහත්වරුන් ද සහභාගී වී ඇති අතර CCMU සංවිධානයේ ලේකම් නිහාල් මහතා ද සහභාගී වී ඇත.