පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට .

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම සැකකරු සමග ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන ආදායම් බලපත්‍ර අටක් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කොළඹ 5 නාරහේන්පිට කිරුළ පාර හත් බෝධිය පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බෙලිඅත්ත පොලිසිය වෙත භාරදී තිබේ.

Exit mobile version