ඊයේ (13) දින මෙවර පළාත් පාලන මැතිවරණයට අදාලව දේශපාලන පක්ෂ 11ක් හා ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තාවේ.
එම පක්ෂ අතර ජාතික ජනබල වේගය දිස්ත්රීක්ක 7 ක් ද ශ්රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්රීක්ක 2 ක් ද ප්රජාතාන්ත්රවාදී එක්සත් පෙරමුණ දිස්ත්රීක්ක 2 ක් ද ජාතික ප්රජාතාන්ත්රවාදී පෙරමුණ දිස්ත්රීක්ක 5 ක් ද සමගි ජනබල වේගය දිස්ත්රීක්ක 4 ක් ද වශයෙන් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කල බව වාර්තාවේ.
ඒ මෙන්ම සිංහලදීප ජාතික පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනන්වාදී පන්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, ශ්රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ජනතා සේවක පක්ෂය, සහ ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී යන පක්ෂය ද ඊයේ දිනයේ දිස්ත්රික්ක කිහිපයක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ලදී.