පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 22ක් ඇප තබයි.

ඊයේ (13) දින මෙවර පළාත් පාලන මැතිවරණයට අදාලව දේශපාලන පක්ෂ 11ක් හා ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තාවේ.

එම පක්ෂ අතර ජාතික ජනබල වේගය දිස්ත්‍රීක්ක 7 ක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  දිස්ත්‍රීක්ක 2 ක් ද ප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් පෙරමුණ  දිස්ත්‍රීක්ක 2 ක් ද ජාතික  ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ  දිස්ත්‍රීක්ක 5 ක් ද සමගි ජනබල වේගය දිස්ත්‍රීක්ක 4 ක් ද වශයෙන් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කල බව වාර්තාවේ.

 ඒ මෙන්ම සිංහලදීප ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනන්වාදී පන්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ජනතා සේවක පක්ෂය, සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී යන පක්ෂය ද ඊයේ දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ලදී.

Exit mobile version