පතුරු ගහන පොලිසියෙන් තවත් (අ) මනුස්ස වැඩක්. (වීඩියෝ)

අප සැමදාම වාර්තා කරන අකාරයට ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව යනු එකම දම්වැලේ පුරුක් දෙකකි. එය එකිනෙකට බද්ධව තිබෙන මිනිස් සමාජයේ ප්‍රධානතම කොටස් දෙකයි. හරියටම සඳහන් කළහොත් ජනතාව සහ පොලිසිය අතර තිබෙන සම්බන්ධය “ ඉදි කටුවයි – නූල් බෝලෙයි” වගේය.  පොලීසිය සහ ජනතාව අතර තිබෙන සම්බන්ධය බිඳ වැටීම යනු “ තටු හැලුණු කුරුල්කු සේ වෙති.

මේ කතාව පොලිසියේ තවත් කැත වැඩක් නොවේ. කරුවල ගස් වැව ප්‍රදේශයේ දින ගනනාවක් තිස්සේ ඉන්ධන ලැබෙන තෙක් බලා සිටින පුද්ගලයනට පොලිස් නිලධාරින් සිදු කල සංග්‍රහයකි. මෙහි දුක්කිත සිදුවීම නම් ඔවුන් නිදා සිටියදී, අවධිකරවමින් එම සංග්‍රහයන් ලබා දීමයි. ඊටත් වඩා කණගාටුව නම් මොවුන් මෙම ස්ථානයේ නිරාහාරව දින කියක් නම් සිටියේද යන්නයි.

Exit mobile version