පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක අනුමැතිය

ඊයේ (18) දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පනත් කෙටුම්පත් කිහිපයකට අත්සන් තබා තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාවේ ඇති කෙටුම්පත් අටක් කථානායකවරයා විසින් සහතික කර තිබේ.

ඒ අනුව සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන, පළාත්බද මහාධිකරණ, සිවිල් නඩු විධාන සංග්‍රහය, ළමයින් සහ තරුණ තැනැත්තන් සහ අන්තරායකර සත්ව යන පනත් කෙටුම්පත්වල සංශෝධන කිහිපයකට කථානායකවරයා මෙලෙස අත්සන් තබා තිබුණි.

Exit mobile version