පනාගොඩින් ගිනි අවි පැන්නු හිමිනම සාගලට කෝල් කරලා දේශපාලන බලය පෙන්වලා. ටිරාන්ටත් කතා කරලා.

පනාගොඩ යුද හමුදා කඳවුරේ මුර   කුටියක සේවය කල සෙබලෙකු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවිය හා උණ්ඩ 120 සොරකම් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුට ගොඩගම ඛෙත්තාරාම විහාරස්ථානයේ නවාතැන් දී ආධාර අනුබල දීමට එම විහාරස්ථානයේ විහාරාධිපති මාලඹේ සිල රතන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

යුද හමුදා බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයකින් පසුව එම විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන් අත්අඩංගුවට  ගැනීමට  යාමේදී ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට දුරකථනයෙන් අමතා අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමට උත්සාහ කර තිබේ.

කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් සැකකාර විහාරාධිපති හිමිනම දේශපාලන බලපෑම්වලට යටත් නොවී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත රැගෙනවිත් ඇත. යුධ හමුදා මේජර්වරයකු ලෙස පෙනී සිටිමින් මුරකුටිය ආරක්ෂාවට සිටි සෙබලා රවටා එහි තිබූ රාජකාරී ගිනි අවිය හා උණ්ඩ සොරකම් කරගෙන කෙළින්ම ගොස් ඇත්තේ අදාල විහාරස්ථානයට බව විමර්ශන මඟින් හෙළි වී තිබෙන බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

සිසි ටිවි දර්ශන හා ඇසින් දුටු සාක්ෂි මගින්  හමුදා කඳවුරේ ගිනි අවිය පැහැර ගත් සැකකරු විහාරස්ථානයට පැමිණෙන ආකාරය අනාවරණ වී ඇත. සැකකරු ගිනි අවි රැගෙන විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් සමඟ සමලිංගික ඇසුරක් පවත්වා පන්සලෙන් ම ස්නානය කර විහාරාධිපති හිමියන් ලබාදුන් බෑග් එක ගිනි අවිය දමා ගෙන පිටව ගිය බවද හෙළි වී ඇත. සැකකරු විහාරස්ථානයෙන් පිටව යාමට පෙර විහාරාධිපති හිමියන්ට ගිනි අවිය පෙන්නා පිටව ගිය බවට සාක්ෂි ද ලැබී තිබෙන බව වාර්තා වේ.

මෙම විහාරස්ථානය වැඳපුදා ගන්නට දායකයන් නොපැමිණෙන බවත් මෙම විහාරස්ථානය විහාරාධිපතී හිමියන්ගේ අසංවර ක්‍රියා වලට පමණක්  යොදා ගන්නා ස්ථානයක් බව ද බවද විමර්ශනවලදී හෙළිවී ඇත. තමාට ඇති දේශපාලන බලය පෙන්වා මැරවරයෙක් ලෙස හැසිරෙන මෙම විහාරාධිපති හිමියන් ගොඩගම ගම්වාසීන්ව බිය ගන්වා ගෙන ඇති බව ද වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම දේශපාලනඥයින් සමග තම  ළගම ඇසුරක් ඇතැයි පිටට පෙන්වා දෙමින් මෙම විහාරාධිපති හිමියන් සිවුරට මුවා වී අනිතික  ක්‍රියාවල නිරත වන බව ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරු වලින් හෙලි වී ඇත. කෙසේ නමුත් සාගල රත්නායක හෝ ටිරාන් අලස් යන මහත්වරුන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව බලපෑම් කලේද යන්න අප වෙත පැහැදිලිව අනාවරණය නොවේ.

Exit mobile version