රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඊයේ (13) මැතිවරණ කොමිෂමෙන් සමාවගෙන තිබෙන බව වාර්තා වේ.
පසුගියදා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර තිබුණි. පසුව එය ආපසු කැඳවා තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස කැඳවා තිබුණි.
පසුව ඔහු කොමිෂමෙන් සමාවගෙන තිබේ. කෙසේ නමුත් මෙවැනි සිද්ධීන් වලට සමාවක් දීම වෙනුවට කල යුත්තේ දැඩි දඩුවම් දීමය. ඒ සදහා ලබා දිය යුතු දඩුවම්ද ආයතන සංග්‍රහය තුල මෙන්ම ලංකා දණ්ඩ නීතී සංග්‍රහය තුලද සදහන් කර තිබේ.