එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු කලාපයේ දී ගිනි ගැනීමට ලක්ව මේ වන විට ගිලී පවතින අතර එමගින් මෙරට පරිසර පද්ධතියට විශාල අවධානමක් පවතින බවයි පරිසර සංවිධානය පවසන්නේ.
නෞකාව ගිනි ගැනීමෙන් මුහුදට එක් වී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ එයින් පරිසර පද්ධතියට ඇති වී ඇති හානියට වන්දි ලබා ගැනීමේ කටයුතු ආදිය විධිමත් අයුරින් සිදු නොවන බවයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගතයුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.