ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .
දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති අතර මුහුදේ මෙම රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක් පවතින බව වාර්තා වේ .
ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක් ගන්නා දිනවල දූපතට නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත් , එම දින කවදාදැයි තිරණය කල නොහැකි බවත් පරෙවි දුපත් උද්‍යාන නිලධාරීහු ප්‍රකාශ කරන ලදී .